Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 30:7 - Sinhala New Revised Version

7 මා ඔබ වෙත ගෙනා අයැදුම් දෙකක් ඇත; මගේ දිවි ඇති තාක්, ඒවා ප්‍රතික්ෂේප නොකළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මා ඔබ වෙත ගෙනා අයැදුම් දෙකක් ඇත; මගේ දිවි ඇති තාක්, ඒවා ප්‍රතික්ෂේප නොකළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 කාරණා දෙකක් ඔබගෙන් ඉල්වීමි; මාගේ මරණය දක්වා ඒවා මට නොදී නොසිටිය මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 30:7
7 හුවමාරු යොමු  

එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත; එය ඈ කෙරෙන් පැහැරගනු නොලැබේ ය”යි වදාළ සේක.


හිමි තුමන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමි තුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.


තවද, ඔවුන් එගොඩ වූ කල එලියා කතා කොට, “ඔබ වෙතින් මා ගන්න පළමුවෙන් ඔබට මාගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නැ”යි එලිෂාට කී ය, එලිෂා පිළිතුරු දෙමින්, “ඔබට තිබෙන ආත්මානුභාවය මෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේ වා”යි කී ය.


ඔබ ඔහුගේ මන දොළ පුරවා ලූ සේක; ඔහුගේ යාදිනි නොපිරිහෙළා ඉටු කළ සේක.


එතුමන්ගේ වචනවලට කිසිවක් එක් නොකරන්න; එසේ කළොත්, එතුමන් ඔබට තර්ජනය කරනු ඇත. ඔබ බොරුකාරයෙකු බව පෙන්වනු ඇත.


වංචාවත් මුසාවත් මා කෙරෙන් දුරු කළ මැනව. මට දිළිඳුකම වත් පොහොසත්කම වත් නුදුන මැනව. මට වුවමනා පමණට ආහාර දුන මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්