එවිට අදොනියා සමඟ සිටි අමුත්තෝ සියල්ලෝ ම බියපත් වී, නැඟිට එකිනෙකා තමතමන් කැමැති දෙසට යන්නට ගියෝ ය.
1 රාජාවලිය 1:50 - Sinhala New Revised Version අදොනියා ද සලමොන් රජතුමාට බිය වී, නැඟිට ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය. Sinhala New Revised Version 2018 අදොනියා ද සලමොන් රජතුමාට බිය වී, නැඟිට ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය. Sinhala Revised Old Version අදොනියා සාලමොන්ට භයින් නැගිට ගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය. |
එවිට අදොනියා සමඟ සිටි අමුත්තෝ සියල්ලෝ ම බියපත් වී, නැඟිට එකිනෙකා තමතමන් කැමැති දෙසට යන්නට ගියෝ ය.
තවද, “ ‘සලමොන් රජු තම මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරුම් දිය යුතු ය’යි කියමින්, අදොනියා පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගෙන සිටී”යයි සලමොන් රජතුමාට දන්වන ලදී.
ඒ ආරංචිය ජෝවාබ්ට සැළ විය. මන්ද, ජෝවාබ් අබ්සලොම් අනුව නොගිය නමුත්, අදොනියා අනුව ගිය බැවින්, ඔහු සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට පලා ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය.
සමිඳාණෝ දෙවිඳාණෝ ය; එතුමාණෝ අපට එළිය දුන් සේක; අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න.
එහෙත් යම් මිනිසෙක් ඕනෑකමින් තම අසල්වැසියා වෙත පැමිණ ඔහු ප්‍රයෝගයෙන් මරන්නේ නම්, ඒ තැනැත්තා මරාදමන පිණිස මාගේ පූජාසනය වෙතින් පවා ඔහු ගෙන යා හැකි ය.
අවුරුද්දකට වරක් ආරොන් එහි අං පිට පව් කමාව ලබාගැනීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. අවුරුද්දකට වරක් පාප කමාව ලබන පූජාවේ ලේ ගෙන, පූජාසනය මත පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එය නුඹේ සෑම පෙළපතක් මඟින් ම ඉටු කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ අතිශුද්ධ පූජාසනයකි.”
එහි කොන් හතරේ පිටතට නෙරා ගිය අං හතර සාදා, පූජාසනය සමඟ ඒකාබද්ධ වන සේ ඒවා පාස්සා ලෝකඩයෙන් ආලේප කෙළේ ය.