Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 1:50 - Sinhala Revised Old Version

50 අදොනියා සාලමොන්ට භයින් නැගිට ගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 අදොනියා ද සලමොන් රජතුමාට බිය වී, නැඟිට ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 අදොනියා ද සලමොන් රජතුමාට බිය වී, නැඟිට ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 1:50
9 හුවමාරු යොමු  

ඒ කාරණය යෝවාබ්ට සැලවිය. මක්නිසාද යෝවාබ් අහක්ව අබ්සලොම් අනුව නොගිය නුමුත් අදොනියා අනුව ගියේය. එවිට යෝවාබ් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයට පලාගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.


ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක. පූජාසනයේ අංවල පූජාව රැහැනින් බඳිව්.


ඒකේ අං ඒකේ සතර කොනේ සෑදුවේය. ඒකේ අං ඊටම සම්බන්ධවිය. ඔහු ඒක පිත්තලෙන් වැසුවේය.


එහි අං එහි කොන් සතර පිට සාදන්න. අංද ඊට සම්බන්ධවී තිබිය යුතුය. ඒක පිත්තලින් වසන්න.


නුමුත් මනුෂ්‍යයෙක් අදහස්කරලාම තම අසල්වාසියා කරා අවුත් ඔහු ප්‍රයෝගයෙන් මැරුවොත් ඔහු මරනු ලබන පිණිස මාගේ පූජාසනය වෙතින් වුවත් ඔහු අහක්කර ගන්න.


ආරොන් අවුරුද්දට වරක් එහි අං පිට සමඟිකමක් කරන්නේය. ඔහු නුඹලාගේ පරම්පරාවල අවුරුද්දට වරක් සමඟිකමේ පාප පූජාවේ ලෙයින් ඒක උදෙසා සමඟිකමක් කරන්නේය. ඒක ස්වාමීන්වහන්සේට අති ශුද්ධයයි කීසේක.


එවිට අදොනියා සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලෝම භයපත්වී නැගිට එකිනෙකා තම තමාගේ ස්ථානයට ගියෝය.


අදොනියා සාලමොන් රජුට භයවී–සාලමොන් රජු තමාගේ මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරාවායි කියමින් පූජාසනයේ අං අල්ලාගෙන සිටීයයි සාලමොන්ට දන්වනලද්දේය.


පූජාසනයේ උඩ කොට්ඨාසය රියන් සතරක්ය; උඩ කොට්ඨාසයේ සිට ඉහළට අං සතරක් ඇත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්