අබ්සලොම් රථයක් ද අශ්වයන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පණස්දෙනෙකු ද සූදානම් කර ගත්තේ ය.
1 රාජාවලිය 1:5 - Sinhala New Revised Version එකල හග්ගිත්ගේ පුත් අදොනියා, “මම රජ වෙමි”යි තමා ම උසස් කරගෙන රථ ද අසරුවන් ද තමාට පෙරටුවෙන් දුවන පිණිස මිනිසුන් පණස්දෙනෙකු ද සපයාගත්තේ ය. Sinhala New Revised Version 2018 එකල හග්ගිත්ගේ පුත් අදොනියා, “මම රජ වෙමි”යි තමා ම උසස් කරගෙන රථ ද අසරුවන් ද තමාට පෙරටුවෙන් දුවන පිණිස මිනිසුන් පනස්දෙනෙකු ද සපයාගත්තේ ය. Sinhala Revised Old Version එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා: මම රජවෙමියි කියා තමාම උසස්කරගෙන රථද අසරුවන්ද තමාට පෙරටුව දුවන පිණිස මනුෂ්‍යයන් පනස්දෙනෙක්ද සපයාගත්තේය. |
අබ්සලොම් රථයක් ද අශ්වයන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පණස්දෙනෙකු ද සූදානම් කර ගත්තේ ය.
එවිට නාතාන් සලමොන්ගේ මව වන බැත්-ෂෙබාට කතා කොට, “අපේ ස්වාමීන් වන දාවිත් රජ නොදැනුවත් ව හග්ගිත්ගේ පුත් අදොනියා රජ වී සිටින බව ඔබට සැළ නොවී ද?
තරුණිය ඉතා රූමත් වූවා ය. ඈ රජුට සාත්තු සප්පායම් කොට, ඔහුට ආවතේව කළ නමුත්, රජ ඇය සමඟ එක් නො වී ය.
එකල හග්ගිත්ගේ පුත් අදොනියා සලමොන්ගේ මව වන බැත්-ෂෙබා ළඟට ආයේ ය. “ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඈ ඇසූ විට, ඔහු “සාමදානයෙන් ය”යි උත්තර දුන්නේ ය.
එවිට ඔහු කතා කරමින්, “රාජ්‍යය මට ලැබෙන්‍නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි.
මා රජකමෙහි පිහිටෙවු, මාගේ පියා වන දාවිත්ගේ සිංහාසනය අරා මා අසුන් ගැන්වූ, තමන් වහන්සේ පොරොන්දු වූ ලෙස මට වංශයක් උපදවා දුන් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අදොනියා අද දවසෙහි මරනු ලබනු ඇත කියා දිවුරමි”යි කීවේ ය.
සමිඳාණන් වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන් සේක. එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සමිඳාණන් වහන්සේගේ රජකම් කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත් සලමොන් තෝරාගත් සේක.
දාවිත් රජ මුළු සභාවට කතා කොට, “දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ එක ම තැනැත්තා වන මාගේ පුත් සලමොන් තව ම ළා බාල ය; කාර්යය නම් බරපතල ය. මන්ද, මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවි සමිඳාණන් වහන්සේට ය.
තුන්වැනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුව වූ මයකාගේ පුත්‍ර වූ අබ්සලොම් ය; හතරවැනියා හග්ගිත්ගේ පුත්‍ර වූ අදොනියා ය;
එහෙත්, ඔබ තවමත් මාගේ සෙනඟට විරුද්ධ ව අහංකාරකම් පාමින්, ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි ය.
ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී ඇත. වස්තුවට නිමක් නැත. ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී ඇත. ඒ රථවාහනවල නිමක් නැත.
තමා ම උසස් කරගන්න හැම දෙනා ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලැබේ ය”යි වදාළ සේක.
මෙය මම ඔබට කියමි; දමිටු යයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව, මේ අයකැමියා ය. තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය.”
“ෂෙකෙම්හි සියලු වැසියන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන්න, ‘ඔබට වඩා හොඳ සේ පෙනෙන්නේ කුමක් ද? ජෙරුබ්බාල්ගේ සියලු පුත්‍රයන් එනම්, සැත්තෑදෙනෙකු ඔබ කෙරෙහි අධිපතිකම් කිරීම ද නැතහොත් එක් කෙනෙකු අධිපතිකම් කිරීම ද?’ මා වනාහි ඔබේ ම ලේ නෑයෙකු බවත් සිහි කරන්නැ”යි කීවේ ය.