ඔහු ද, “මම ජෙශ්‍රෙයෙලීය නාබොත්ට කතා කොට, ‘ඔබේ මිදි වත්ත මට මිලේට දෙන්න; එසේ නැත්නම්, ඔබ කැමැති නම්, මම එය වෙනුවට ඔබට මිදිවත්තක් දෙන්නෙමි’යි ඔහුට කීවෙමි. එහෙත්, ඔහු මට උත්තර දෙමින්, ‘මාගේ මිදි වත්ත ඔබට නොදෙන්නෙමි’යි කීවේ යැ”යි ඈට කී ය.
1 තිමෝති 6:9 - Sinhala New Revised Version ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්, උගුල්වලටත්, අසු වන්නෝ ය. නාස්තියටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසඟ වන්නෝ ය. සිංහල කාලීන පරිවර්තනය ධනවත් වීමේ තද උවමනාව ඇත්තෝ පරීක්ෂාවට වැටෙති; උගුලට හසු වෙති; මිනිසුන් විනාශයටත්, නාස්තියටත් කිඳා බස්වන අඥානවූත්, හානිකරවූත් අනේක තෘෂ්ණාවනට ගොදුරු වෙති. Sinhala New Revised Version 2018 ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්, උගුල්වලටත්, අසු වන්නෝ ය. නාස්තියටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසඟ වන්නෝ ය. Sinhala Revised Old Version නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය. |
ඔහු ද, “මම ජෙශ්‍රෙයෙලීය නාබොත්ට කතා කොට, ‘ඔබේ මිදි වත්ත මට මිලේට දෙන්න; එසේ නැත්නම්, ඔබ කැමැති නම්, මම එය වෙනුවට ඔබට මිදිවත්තක් දෙන්නෙමි’යි ඔහුට කීවෙමි. එහෙත්, ඔහු මට උත්තර දෙමින්, ‘මාගේ මිදි වත්ත ඔබට නොදෙන්නෙමි’යි කීවේ යැ”යි ඈට කී ය.
දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.
වංචාවෙන් පොහොසත් වන මිනිසාගේ වස්තුව මීදුමක් මෙන් පහ ව යයි, ඔහු මරණයේ මලපත්වල ද පැටලේ.
කෙනෙක් දිළිඳුන් පෙළීමෙන් පොහොසත් වෙති. පොහොසතුන්ට තෑගිබෝග දීමෙන් කෙනෙක් දිළිඳු වෙති.
තමන් පමණක් දේශයේ වාසය කරන පිණිස, අනුන්ට ඉඩකඩ නැති වන තරමට ගෙයකට ගෙයක් එකතු කරගන්න, කෙතකට කෙතක් යා කරගන්න අයට වන විපතක මහත!
ඔවුන් මිලේට ගන්න අය ඔවුන් මරන නමුත්, ඔව්හු දඬුවම් නොලබන්නෝ ය. ඔවුන් විකුණන අය, ‘සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! අපි දැන් පොහොසත් ය’යි කියති. ඔවුන්ගේ ම එඬේරු වුව ද ඔවුන්ට අනුකම්පා නොකරති.”
ඔවුන්ගෙන් මැරුම්කෑ අය අතර එවී, රෙකෙම්, ශූර්, හුර් සහ රෙබා යන මිදියන් රජුන් පස්දෙනා ද වූ හ. තවද, ඔව්හු බෙයෝර්ගේ පුත් බාලාම් ද කඩුවෙන් මරාදැමූ හ.
පණිවුඩය අසා, මේ ජීවිතයේ කරදරවලින් ද වස්තු මායාවෙන් ද පණිවුඩය යටපත් වීම නිසා, කෙනෙක් පල නොදරති. කටු අතර වැටුණ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.
එහෙත්, ඒ තරුණයා ඒ කීම අසා, දොම්නස් සිතින් යන්න ගියේ ය. මන්ද, ඔහු බොහෝ ධනසම්පත් ඇති කෙනෙකු වූ බැවිනි.
“ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ.
“මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවෝ ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති.
මේ ලෝකයේ කම්කටොලු හා වස්තු මායාව ද අනිකුත් දෙයට තණ්හාව ද ඔවුන් තුළට ඇතුළු වෙමින් වචනය හිර කරයි. ඔව්හු ද පල නොදරති.
එහෙත් පේදුරු ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගත හැකි යයි ඔබ සිතූ බැවින්, ඔබේ මුදලත්, ඔබත් නැතිභංග වේ වා.
එබැවින් ඔබේ පසුගිය පැවැත්මට අයිති වූ තෘෂ්ණාවලින් මුළා වී විනාශ වන්නා වූ පරණ ස්වභාවය අහක දමා,
ඔබ ඔවුන්ගේ දෙවි දේවතාවන්ගේ නෙළූ පිළිම ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය. ඒ පිළිම මත ඇති රිදීවලට හෝ රන්වලට හෝ ආසා නොකළ යුතු ය. ඔබේ ප්‍රයෝජනයට ඒවා නොගත යුතු ය. එසේ කළොත් ඒවා ඔබට මලපතක් විය හැකි ය. මේ සියල්ල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුල් ය.
ව්‍යවස්ථාව පනවා ඇත්තේ දමිටුවන් උදෙසා නොව, අදමිටුවන් හා දාමරිකයන් ද, අභක්තිකයන් හා පව්කාරයන් ද, අපිරිසිදුවූවන් හා ශුද්ධ දේ කෙලෙසන්නන් ද, පීතෘ ඝාතකයන් හා මාතෘ ඝාතකයන් ද, මිනීමරුවන් ද,
ඔහු සභාවෙන් පිට අය විසින් ගරු කොට සලකනු ලබන්නෙකු ද විය යුතු යි. එසේ නොවේ නම් ඔහු හොඳ නම නැති කරගෙන, යක්ෂයාගේ උගුලට අසු වන්නේ ය.
මුදල් තණ්හාව සැම නපුරට මුල ය. සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාළ කරගත්හ.
උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න.
මෙසේ ඔවුන්ට සිහිකල්පනාව ආ විට, ඔව්හු, යක්ෂයා විසින් සිය කැමැත්ත කරවාගන්න පිණිස තමන් අසු කරගන්නා ලද උගුලෙන් මිදෙන්නෝ ය.
අභක්තිය ද ලෞකික තෘෂ්ණා ද හැරදමා, ආශීර්වාද ලත් බලාපොරොත්තුව ගැනත්, අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින්, සිහිනුවණින් යුතු ව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලොව ජීවත් වන පිණිස ඒ දේව වරප්‍රසාදය අපට අනුශාසනා කරන්නේ ය.
ඉශ්රායෙල්වරුන් පව් කර ඇත; එසේ ය, මා ඔවුන්ට අණ කළ මාගේ ගිවිසුම ඔවුන් කඩ කර තිබේ. ඔවුන් මට කැප කරන ලද දෙයින් රැගෙන සොරකම් කර, ඒවා සඟවා, ඒවා තමන්ගේ ම බඩු අතරේ තබා තිබේ.
ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.
අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.