1 කොරින්ති 7:40 - Sinhala New Revised Version ඈ සිටින ලෙස ම සිටින්නී නම්, වඩා වාසනාවන්ත ය. එය මගේ අදහසයි. එපමණක් නොව, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මා තුළ වැඩ වසන බව ද, මම විශ්වාස කරමි. සිංහල කාලීන පරිවර්තනය එහෙත් ඇය සිටින ලෙස සිටීම වඩා භාග්‍යවත් බවයි මගේ අදහස. මට ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඇතැයි මම සිතමි. Sinhala New Revised Version 2018 ඈ සිටින ලෙස ම සිටින්නී නම්, වඩා වාසනාවන්ත ය. එය මගේ අදහසයි. එපමණක් නොව, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මා තුළ වැඩ වසන බව ද, මම විශ්වාස කරමි. Sinhala Revised Old Version නුමුත් ඈ සිටින ලෙසම සිටින්නීනම්, මාගේ විනිශ්චයේ හැටියට ඈ වඩා වාසනාවන්තියක්ය. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ මටත් ඇතිසේකැයි සිතමි. |
මා මෙය කියන්නේ ඔබගේ ම යහපත පිණිස ය. ඔබගේ නිදහස සීමා කිරීමට මගේ අදහසක් නැත. මගේ කැමැත්ත නම් ඔබ විනීත ලෙස ඉත සිතින් සමිඳාණන් වහන්සේට සේවය කිරීම ය.
අවිවාහකයන්ට ද වැන්දඹුවන්ට ද මා කියන්නේ මා මෙන් ඔවුන් ද, දැන් ඔවුන් සිටින්නාක් මෙන් සිටීම හොඳ බව ය.
මා අනුවණයෙකු මෙන් කතා කළ බව ඇත්ත ය. එයට වගකිව යුත්තේ ඔබ ම ය. ඔබ කළ යුතු ව තිබුණේ මා ගැන සාක්ෂි දැරීම ය. මා නිකමෙකු වුවත්, මම කිසිසේත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතවරුන්ට දෙ වන තත්ත්වයේ නොවෙමි.
එවිට මා තුළින් ක්‍රිස්තුන් වහන්සේ කතා කරන බවට ඔබ සොයන සාක්ෂිය ඔබට ලැබෙනු ඇත. ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිබඳ ව දුර්වල ලෙස නොව, බලවත් ලෙස ක්‍රියා කරන සේක.
මේ ගැන මාගේ අදහස මම ඔබට කියමි. ඔබ අවුරුද්දකට පෙර ආධාර දීමට කැමැති වී, එය ක්‍රියාවේ යෙදවීමට පුරෝගාමී වූවහු ය.
එබැවින් මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන්නා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මනුෂ්‍යයා නොව, ස්වකීය ශුද්ධාත්මයාණන් ඔබට ප්‍රදානය කරන දෙවියන් වහන්සේ ය.