Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 7:40 - සිංහල කාලීන පරිවර්තනය

40 එහෙත් ඇය සිටින ලෙස සිටීම වඩා භාග්‍යවත් බවයි මගේ අදහස. මට ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඇතැයි මම සිතමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 ඈ සිටින ලෙස ම සිටින්නී නම්, වඩා වාසනාවන්ත ය. එය මගේ අදහසයි. එපමණක් නොව, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මා තුළ වැඩ වසන බව ද, මම විශ්වාස කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 ඈ සිටින ලෙස ම සිටින්නී නම්, වඩා වාසනාවන්ත ය. එය මගේ අදහසයි. එපමණක් නොව, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මා තුළ වැඩ වසන බව ද, මම විශ්වාස කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 නුමුත් ඈ සිටින ලෙසම සිටින්නීනම්, මාගේ විනිශ්චයේ හැටියට ඈ වඩා වාසනාවන්තියක්ය. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ මටත් ඇතිසේකැයි සිතමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 7:40
13 හුවමාරු යොමු  

එබැවින් මේ උපදෙස් ප්‍රතික්ෂේප කරන කවරකු වුව ප්‍රතික්ෂේප කරන්නේ මිනිසකු නො ව, ඔබට ස්වකීය ශුද්ධාත්මයාණන් දෙන දෙවියන්වහන්සේ ය.


මම අනුවණයකු වීමි. එහෙත් ඊට බල කළේ ඔබයි. මන්ද මා ගැන සාක්ෂි දිය යුතුව තිබුණේ ඔබ ය. මන්ද මා ගණන් ගතයුත්තකු නො වුවත්, ඒ සුපිරි අපෝස්තුලුවරුනට වඩා කෙලෙසකවත් මා අඩු නැත.


මා මෙසේ කියන්නේ ඔබේම යහපත පිණිස මිස, ඔබට තහංචි පනවන්නට නො වේ; වඩාත් නිසි ලෙස කටයුතු කරමින්, ස්වාමින්වහන්සේට නො බෙදුණු කැපවීමකින් පවතින පිණිස ය.


අවිවාහකයින්ටත්, වැන්දඹු අයටත් මා කියන්නේ, මා වගේ තනිකඩව සිටීම ඔවුන්ට හොඳ වග ය.


මා මෙය කියන්නේ අවසරයක් වශයෙන් මිස, නියෝගයක් ලෙස නො වේ;


දැන්, ඔබ ලියා ඇති කරුණු ගැන සිත් යොමමු: “ස්ත්‍රියක සමඟ ලිංගික ඇසුරක් නැතිව සිටීම මිනිසකුට හොඳ ය.”


මේ සම්බන්ධව මගේ නිගමනය මෙයයි; පසුගිය වසරේ මෙම වැඩය කිරීමට පමණක් නො ව, එය කිරීමේ ආශාව ද ඇතිව ඊට මුල පිරුවෝ ඔබම බැවින් මෙය ඔබට වැඩදායක ය.


එසේ කරන්නේ, මා තුළින් ක්‍රිස්තුස්වහන්සේ කතා කරන බවට ඔබ ඔප්පු-සාක්ෂි ඉල්ලා සිටින බැවිනි. උන්වහන්සේ ඔබ කෙරෙහි දුර්වලව නො ව ඔබ අතරේ බලවත්ව සිටින සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්