පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කළ පසු, දෙදෙනා ම ජලස්නානය කළ යුතු ය. සවස දක්වා ඔවුන් අපවිත්‍ර වනු ඇත.
1 කොරින්ති 6:12 - Sinhala New Revised Version “මා කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් හැම දේ ම මගේ යහපත පිණිස නොවේ. එසේ ම “කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් මම කිසිවකට වසඟ නොවෙමි. සිංහල කාලීන පරිවර්තනය “හැම දෙයක් ගැනම මට නිදහස තිබේ.” එහෙත් හැම දෙයක්ම පලදායි නැත. “හැම දෙයක් ගැනම මට නිදහස තිබේ.” එහෙත් කිසිවකට මා ගැතිකර ගත නො හැක. Sinhala New Revised Version 2018 “මා කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් හැම දේ ම මගේ යහපත පිණිස නොවේ. එසේ ම “කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් මම කිසිවකට වසඟ නොවෙමි. Sinhala Revised Old Version සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් සියල්ල ප්‍රයෝජන නැත. සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් මම කිසිවකට වසඟ නොවන්නෙමි. |
පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කළ පසු, දෙදෙනා ම ජලස්නානය කළ යුතු ය. සවස දක්වා ඔවුන් අපවිත්‍ර වනු ඇත.
එබැවින් ජුදෙව්වරු, “අද සබත් දවස ය, පැදුර රැගෙන යෑම නීති විරෝධී ය”යි සුවය ලැබූ මිනිසාට කී හ.
දේවතාවන්ට පුදන පිදේනි වැළඳීම ගැන කුමක් කියමු ද? දේවතා පිළිමයකින් නිරූපණය වන කිසිවෙකු නැති බවත්, එක ම දෙවි කෙනෙකු මිස අන් දෙවි කෙනෙකු නැති බවත් අපි දනිමු.
අනිත් අයට ඔබ කෙරේ මෙවැනි අයිතියක් ඇත්නම් ඊටත් වඩා ලොකු අයිතියක් අපට නැද් ද? එසේ වුව ද මේ අයිතියෙන් ප්‍රයෝජනයක් නොගෙන ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට කිසිදු බාධාවක් නොවන සේ අපි සියල්ල දරාගනිමු.
මම මාගේ ශරීරය දැඩි ලෙස දමනය කර එය වහල් කරගනිමි. එසේ කරන්නේ අන්‍යයන්ට දේශනා කළායින් පසු, කිසි ලෙසකින් වත් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිස ය.
අප මෙය කෙළේ ඔබෙන් ආධාර ලැබීමට අපට අයිතියක් නැති නිසා නොව, අනුගමනය කිරීම සඳහා ඔබට ආදර්ශයක් දෙන පිණිස ය.
ඔව්හු ඔබගේ ප්‍රේම මංගල්‍ය වලට අශෝභන කැළලකි; විළිබිය නැති ව කෑම්බීම්වල යෙදී තමන් ම පෝෂණය කරගන්න එඬේරුන් වැනි ය; සුළඟින් ගසාගෙන යන වතුර නැති වලාකුළු වැනි ය; මුලින් උදුරා දැමූ, වියළී මැරී ගිය, පල නැති, සරත් කාලයේ ගස් වැනි ය.