Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 6:12 - සිංහල කාලීන පරිවර්තනය

12 “හැම දෙයක් ගැනම මට නිදහස තිබේ.” එහෙත් හැම දෙයක්ම පලදායි නැත. “හැම දෙයක් ගැනම මට නිදහස තිබේ.” එහෙත් කිසිවකට මා ගැතිකර ගත නො හැක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 “මා කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් හැම දේ ම මගේ යහපත පිණිස නොවේ. එසේ ම “කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් මම කිසිවකට වසඟ නොවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 “මා කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් හැම දේ ම මගේ යහපත පිණිස නොවේ. එසේ ම “කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් මම කිසිවකට වසඟ නොවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් සියල්ල ප්‍රයෝජන නැත. සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් මම කිසිවකට වසඟ නොවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 6:12
12 හුවමාරු යොමු  

එබැවින් යුදෙව්වෝ, “අද සබතයි; යහන උසුලා යෑම දහම් නීතියට පටහැනියැ” යි සුවය ලද මිනිසාට දොස් කීහ.


මන්ද දහම් නීතිය ආත්මික වග අපි දනිමු. එහෙත් මම, පාපය යටතේ විකුණන ලද මාංසිකයෙක්මි.


එබැවින්, පිළිමවලට පිදූ ආහාර වැළඳීම පිළිබඳව: “පිළිමයකට සැබෑ පැවැත්මක් නැති” වගත්, “එක් කෙනෙක් මිස, වෙනත් දෙවියන්වහන්සේ කෙනකු නැති” වගත් අපි දනිමු.


ඔබගෙන් මේ අයිතියට වෙනත් අය පංගුකාර වේ නම්, ඊට වඩා වැඩි අයිතියක් අපට නැති ද? කෙසේ වෙතත්, අප ඒ අයිතියෙන් ප්‍රයෝජන ගත්තේ නැත. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට බාධකයක් වීමට වඩා, හැම දෙයක්ම අපි විඳ දරා ගන්නෙමු.


අන් අයට දේශනා කළායින් පසු, ත්‍යාගයට නුසුදුස්සකු නො වන පිණිස, මම මාගේ ශරීරය හික්මවා ගනිමින්, එය දමනය කර ගනිමි.


එසේ කළේ, එවන් උදවු ලැබීමේ අයිතිය අපට නො තිබූ නිසා නො ව ඔබට අනුගමන කිරීමට අපම ආදර්ශයක් වන පිණිස ය.


මොවුහු ඔබගේ ප්‍රේම මංගල්‍යවල ලප කැළැල් ය; බය නැතිව ඔබ සමඟ අහර බුදින මොවුහු තමන් පමණක් පෝෂ්‍ය කරගන්නා එඬේරු ය. සුළඟට ගසාගෙන යන ජලය නැති වලාකුළු ය; දෙවරක් මැරුණු, මුලිනුදුරා දමනු ලැබූ, පල වාරයේ පල නො දැරූ ගස් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්