Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 7:14 - Sinhala New Revised Version

14 නීතිය ආධ්‍යාත්මික බව අපි දනිමු. එහෙත් ලෞකීක වූ මම පාපයට වහල් වී සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 මන්ද දහම් නීතිය ආත්මික වග අපි දනිමු. එහෙත් මම, පාපය යටතේ විකුණන ලද මාංසිකයෙක්මි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 නීතිය ආධ්‍යාත්මික බව අපි දනිමු. එහෙත් ලෞකීක වූ මම පාපයට වහල් වී සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නුමුත් මම මාංසිකව පාපයට විකුණනු ලැබ සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 7:14
38 හුවමාරු යොමු  

සැබැවින් ම තම භාර්යාව වන ජෙශෙබෙල් විසින් පොළඹවනු ලැබ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන්න භාර වූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේ ය.


ඔව්හු තමන්ගේ පුත්‍රයන් ද දූවරුන් ද ගිනි මැදින් යවා පූජා කළෝ ය. පේන කීම ද ශාස්ත්‍ර බැලීම ද භාවිතා කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ උදහස් කරවන ලෙස උන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමට ද භාර වූ හ.


ආහබ් ද කතා කොට, “අහෝ මාගේ හතුර, ඔබ මා සොයාගත්තෙහි දැ”යි එලියාට කී ය. ඔහු උත්තර දෙමින්, “මම නුඹ සොයාගතිමි. මක්නිසා ද, නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්න නුඹ ම භාර වී සිටින්නෙහි ය.


මා තුළ, එනම්, මාගේ මිනිස් ගතිය තුළ කිසි යහපතක් නැති බව දනිමි. මන්ද, යහපත කිරීමට කැමැත්තක් මට ඇතත්, එය ඉටු කිරීමට ශක්තියක් මට නැත.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා වහල්කමට විකුණනු ලැබුවේ මුදල් වන්දියකින් නොවේ; එසේ ම නුඹලා මුදනු ලබන්නේත් මුදල් වන්දියකින් නොවේ.


සැදැහැවතුන්ගෙන් ඉතා සුළු තැනැත්තාටත් වඩා සුළු වූ මට, මේ වරප්‍රසාදය දෙන ලද්දේ, ක්‍රිස්තුන් වහන්සේගේ අසීමිත ධන සම්භාරය, විජාතීන්ට දේශනා කිරීමටත්,


එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත.


එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට ‘මෝඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; ‘ජඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය.


දෙවිඳුන්ගේ හැම කියමනක් ම අත්දුටු සත්‍යය වේ; දෙව් සරණ පතන අයට එතුමාණෝ පලිහක් වැනි ය.


මම දූවිල්ලෙහි වැතිර සිටිමි. ඔබේ පොරොන්දුව ලෙස මා ප්‍රාණවත් කළ මැනව.


එවිට ජේසුස් වහන්සේ ඔවුන් සමඟ වැඩිය සේක. උන් වහන්සේ ගෙදරට නුදුරු ව සිටිය දී ශතාධිපතියා මෙ‍සේ කියා උන් වහන්සේ වෙතට මිත්‍රයන් යැවී ය, “ස්වාමීනි, වෙහෙස නොවන්න, ඔබ මාගේ පියස්ස යටට වැඩමවාගැනීමට මම නොවටිමි.


සීමොන් පේදුරු ඒ දැක, ජේසුස් වහන්සේගේ පාමුල දණින් වැටී, “ස්වාමීනි, මා වෙතින් ඉවත් වනු මැනව, මම පව්කාර මිනිසෙකැ”යි කී ය.


ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය.


එහෙත්, උන් වහන්සේ හැරී, පේදුරුට කතා කොට, “සාතන්, අහකට යව; නුඹ මට බාධාවකි; නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔව්හු ණය ගෙවාගන්නට බැරි නිදොස් අය මුදලටත්, දුප්පත් අසරණයන් සෙරෙප්පු දෙකක මිලයට වහල්කමටත් වික්කෝ ය.


එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”


මම මිනිසෙකු නොව, තිරිසනෙකු ව සිටිමි. මිනිසෙකුට හිමි, මිනිස් ප්‍රඥාව මට නැත.


සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක. එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්නුව මැනව.


එබැවින් මම මා ගැන ම ලජ්ජා වෙමි; දූවිල්ලෙහි හා අළුවල හිඳ පසුතැවී සිත් තැවෙමි.”


දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද ඔබේ මුළු වීර්යයෙන් ද ප්‍රේම කළ යුතු ය.


කෙනෙකුගෙන් පළි නොගත යුතු ය. නුඹලාගේ ජනයාට විරුද්ධ ව බද්ධ වෛරයක් තබා නොගත යුතු ය. නුඹ නුඹට ප්‍රේම කරන ලෙස ම නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.


මන්ද, ඇත්තට ම, මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් පැහැරගනු ලැබීමි. මෙහි දී පවා මේ සිරගෙයි දමනු ලැබීමට මම කිසිවක් නො කෙළෙමි”යි කීවේ ය.


මිදියන්වරු, මිසරයේ දී පාරාවෝ රජුගේ වාසල ඇමති හා මුර සෙන්පති වන පොතිපර්ට ජෝසෙප් විකුණුවෝ ය.


එන්න, අපි ඔහු පිට අත නොතබා, ඉෂ්මායෙල්වරුන්ට විකුණමු. ඇත්තට ම ඔහු අපේ ම සහෝදරයා නො වේ ද; අපි එක පියෙකුගේ දරුවෝ නො වෙමු දැ”යි කී ය. ඔහුගේ සහෝදරයෝ ද එකඟ වූ හ.


දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.


හොඳයි, එසේ නම්, ජුදෙව්වරුන් වන අප විජාතීන්ට වඩා උසස් ද? කොහෙත් ම නැත. ජුදෙව්වරුන් ද විජාතීන් ද යන දෙපක්ෂය ම පාපයේ බලයට යටත් වී ඇතැ යි අපි කලින් පෙන්වා දුනිමු.


මින් මතු අප පාපයට වහල් නොවන පිණිස අපේ පාපී ස්වභාවය නැති වන සේ අපේ පූර්ව මිනිස් ගතිය උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ බව අපි දනිමු.


එසේ ම අපිත් බාල වයස්කාරයන් ව සිටිය දී විශ්වයේ දෙවිදේවතාවන්ට වහල් ව සිටියෙමු.


තවද, බෝවෙන කුෂ්ඨ රෝගය හම පුරා පැතිර ගොස් පූජකයාට පෙනෙන පරිදි එය ඔහුගේ හිස සිට පා දක්වා මුළු හම ම වසා ඇත්නම්,


ඒ ඔඩු දුවන වණ යළි වෙනසක් දක්වා සුදු පාටට හැරුණොත්, ඔහු පූජකවරයා වෙත යළි පැමිණිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්