ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 16:2 - Sinhala New Revised Version

සෑම සතියක ම පළමු වන දා ඔබෙන් එකිනෙකා උපයා ගත් මුදලින් කොටසක් ඉතිරි කරගෙන තමා ළඟ වෙන් කර තබාගනී වා. එවිට මා ආ කල සම්මාදමක් කිරීමට උවමනා නැත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මා ආ කල, සම්මාදම් එකතු කරන්නට සිදු නො වන පිණිස, හැම සතියකම පළමු දින ඔබ හැම කෙනකුම, තම ලැබීම් අනුව කොටසක් වෙන් කර, එකතු කර තබන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සෑම සතියක ම පළමු වන දා ඔබෙන් එකිනෙකා උපයා ගත් මුදලින් කොටසක් ඉතිරි කරගෙන තමා ළඟ වෙන් කර තබාගනී වා. එවිට මා ආ කල සම්මාදමක් කිරීමට උවමනා නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මා ආ කල සම්මාදම් නොකරන පිණිස සතියේ පළමුවෙනිදා නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබාගනීවා.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 16:2
22 හුවමාරු යොමු  

ඉන්පසු ඊසාක් එම රටෙහි ධාන්‍ය වපුරා එම අවුරුද්දෙහි ම සිය ගුණයක් සරු අස්වැන්නක් නෙළාගත්තේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.


ලාබන් ඔහුට උත්තර දෙමින්, “ඔබ මට කරුණාව දක්වන්නෙහි නම් මට සවන් දෙන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ නිසා මට ආශීර්වාද කළ බව මම නිමිති බැලීමෙන් දැනගතිමි.


මා පැමිණෙන්න පෙර ඔබ සතු ස්වල්ප දේ, දැන් ඉමහත් ලෙස බහුල වී ඇත. මා පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කළ සේක. දැන් ඉතින් මාගේ පවුලේ අභිවෘද්ධිය තකා මම යමක් සපයන්නේ කවරදා දැ”යි ඇසී ය.


ඔබ වහන්සේගේ දාසයා වන මා හට පෑවා වූ සියලු කරුණාව හා විශ්වාසවන්තකම ලැබීමට මා සුදුස්සෙක් නොවෙමි. මන්ද, මා මේ ජොර්දානෙන් එතෙර වූයේ මාගේ සැරයටියේ ආධාරයෙන් පමණ ය. එහෙත්, දැන් මා කණ්ඩායම් දෙකක් වී ඇත.


එබැවින්, කරුණාකර ඔබ වෙත ගෙනා මාගේ තිළිණය පිළිගන්න. මන්ද, දෙවියන් වහන්සේ මට කරුණා පෑ බැවින් මට උවමනා තරම් ඇතැ”යි කියා ඔහුට පෙරැත්ත කළෙන් ඒසව් එය බාරගත්තේ ය.


එවිට ශාදොක්ගේ වංශයේ උත්තම පූජකයා වන අශරියා ඔහුට උත්තර දෙමින්, “සෙනඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පඬුරු ගෙනෙන්න පටන් ගත් දා සිට අපි සෑහෙන පමණ අනුභව කොට බොහෝ සෙයින් ඉතුරු කෙළෙමු. මන්ද, සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟට ආශීර්වාද කළ සේක. මේ විශාල කොටස ද ඉතිරි වී තිබේ ය”යි කීවේ ය.


ඇයට හැකි දෙය ඈ කළා ය. තැන්පත් කිරීම සඳහා, කල්තියා, ඈ මාගේ සිරුර ආලේප කර ඇත.


අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි.


සතියේ පළමු වන දින හිමිදිරි උදයේ තමන් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ස්ත්‍රීහු සොහොන් ගෙය ළඟට ගියාහු,


සතියේ පළමු වන දා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට, “ඔබට ශාන්තිය වේ වා!’යි වදාළ සේක.


අට දවසකට පසු උන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවස තුළට වී සිටියෝ ය. තෝමස් ද ඔවුන් සමඟ සිටියේ ය. දොරවල් වසා තිබිණි. එහෙත්, ජේසුස් වහන්සේ පැමිණ, ඔවුන් මැද වැඩ සිට: “ඔබට ශාන්තිය වේ වා!”යි වදාළ සේක.


සතියේ පළමු වැනි දා අප රොටි කඩන්නට රැස් වූ කල, පාවුලු පසුවදා යන්නට අදහස් කළ බැවින්, මැදියම් රැය දක්වා, ඔහු ඔවුන්ට අනුශාසනා කෙළේ ය;


මේ ගැන මාගේ අදහස මම ඔබට කියමි. ඔබ අවුරුද්දකට පෙර ආධාර දීමට කැමැති වී, එය ක්‍රියාවේ යෙදවීමට පුරෝගාමී වූවහු ය.


ඔබට ධන සම්පත උපයාගැනීමට බල පුළුවන්කම දෙනුයේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බව ඔබ සිහිපත් කළ යුතු ය. උන් වහන්සේ එසේ කරන්නේ, අද පවතින පරිදි උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ගිවිසුම ඉටු කරන පිණිස ය.


සමිඳාණන් වහන්සේගේ දවසේ දී මම ආත්මයාණන් වහන්සේ තුළ සිටියෙමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටුපසින් ඇසිණි.