Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 33:11 - Sinhala New Revised Version

11 එබැවින්, කරුණාකර ඔබ වෙත ගෙනා මාගේ තිළිණය පිළිගන්න. මන්ද, දෙවියන් වහන්සේ මට කරුණා පෑ බැවින් මට උවමනා තරම් ඇතැ”යි කියා ඔහුට පෙරැත්ත කළෙන් ඒසව් එය බාරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එබැවින්, කරුණාකර ඔබ වෙත ගෙනා මාගේ තිළිණය පිළිගන්න. මන්ද, දෙවියන් වහන්සේ මට කරුණා පෑ බැවින් මට උවමනා තරම් ඇතැ”යි කියා ඔහුට පෙරැත්ත කළෙන් ඒසව් එය බාරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 දෙවියන්වහන්සේ මට කරුණා කළ හෙයින්ද සෑහෙන පමණ මට තිබෙන හෙයින්ද ඔබට ගෙනාවාවූ මාගේ තෑග්ග පිළිගතමැනවියි කියා ඔහුට පෙරැත්ත කෙළේය. එවිට ඔහු ඒක පිළිගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 33:11
21 හුවමාරු යොමු  

මෙලෙසින් ජාකොබ් අතිශයින් ධනවත් විය. ඔහුට බොහෝ එළු බැටළු රැළවල් ද දාස දාසීහු ද ඔටුවෝ ද කොටළුවෝ ද වූ හ.


මෙලෙස ඔහු තමාට පෙරටුව තෑගි හැරිය නමුත් ඔහු ඒ රාත්‍රිය කඳවුරෙහි ගත කෙළේ ය.


එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “එසේ නො වේ වා, කරුණාකර ඔබ ඉදිරියෙහි මම ඔබේ ප්‍රසාදය ලදිම් නම්, මා අතින් මාගේ තෑග්ග පිළිගන්න. ඔබ මා සාදරයෙන් පිළිගන්නෙහි නම්, මට ඔබේ මුහුණ දැකීම හරියට දෙවියන් වහන්සේගේ මුහුණ දැකීම හා සමාන ය.


පසුව ඒසව්, “අපි ගමනට පිටත් ව යමු. මම ඔබට පෙරටුව යන්නෙමි”යි කී විට,


එකල ඒසව් කතා කොට, “මා සොහොයුර, මට උවමනා තරම් ඇත. ඔබට අයිති දේ ඔබ ම තබා ගන්නැ”යි කීවේ ය.


ඔහු ද, “කිසි කෙනෙකු නොයවන්නැ”යි කී ය. එහෙත්, ඔහු ලජ්ජාවට පත්වන තුරු ම ඔවුන් ඔහුට කරදර කළ බැවින්, “යවන්නැ”යි ඔහු කී ය. එවිට ඔව්හු මනුෂ්‍යයන් පණස්දෙනෙකු යැවූ හ. ඔව්හු තුන් දවසක් සෙවූ නමුත් ඔහු හමු නො වී ය.


නාමන් ද කතා කොට, “ඔබ රිදී කාසි හයදාහක් ගන්නට සතුටු වන්නැ”යි ඔහුට පෙරැත්ත කර, රිදී කාසි හයදාහක් මලු දෙකක බැඳ, ඇඳුම් කුට්ටම් දෙකකුත් තමාගේ වැඩකාරයන් දෙදෙනෙකු පිට තැබුවේ ය. ඔව්හු ඔහුට පෙරටුවෙන් ඒවා උසුලාගෙන ගියෝ ය.


එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව, ‘යි කී ය.


එහෙයින් කිසිවෙක් යම් යම් පුද්ගලයන් ගැන පාරට්ටු කර නොගනිත් වා. මන්ද, සියල්ලෝ ම ඔබගේ ය.


ශෝකවන්නන් මෙන් ගණන්ගැනුණත් නිතර ම ප්‍රීතියෙන් සිටිමු. දිළිඳුන් මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනෙකුන් ධනවතුන් කරමු. කිසිත් නැත්තන් මෙන් ගණන්ගැනුණත් සියල්ල ඇත්තන් වී සිටිමු.


දැන් මට සියල්ල වුවමනාවටත් වැඩියෙන් ලැබී ඇති බවට සහතික කරමි. ඔබ එපප්‍රොදිතස් අත මා වෙත එවූ දේවල් ද ලබා පූර්ණ වී සිටිමි. ඒවා දෙවියන් වහන්සේට මිහිරි සුගන්ධයක් හා ප්‍රියමනාප පූජාවක් වී ඇත.


මන්ද, ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන්නේ මඳ ප්‍රයෝජනයකි. එහෙත් දේව භක්තික ව්‍යායාම හැම අතින් ම ප්‍රයෝජනවත් වේ. කුමක් හෙයින් ද යත්, එය මෙලොව ජීවිතයටත් මතු ජීවිතයටත් බලාපොරොත්තු ඇති කරන හෙයිනි.


ඈ පිළිතුරු දෙමින්, “මට වරයක් දුන මැනවි; ඔබ වියළි රටක් වන නෙගෙබ් රට මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනව”යි කීවා ය. එවිට ඔහු ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.


ඈ ද, “මට වරයක් දුන මැනවි. ඔබ වියළි පෙදෙසක් වන දකුණු දිශාව මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනවැ”යි කීවා ය. එවිට කාලෙබ් ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.


ඉතින් ඔබේ මෙහෙකාරී වන මා විසින් මාගේ ස්වාමියා වන ඔබට ගෙනෙන ලද මේ තෑග්ග මාගේ ස්වාමියා වන ඔබ පස්සේ යන තරුණයන්ට දුන මැනව.


දාවිත් ශික්ලග් නුවරට පැමිණි විට තමාගේ මිත්‍රයන් වන ජුදාහි ප්‍රජා මූලිකයන්ට කොල්ලයෙන් කොටසක් යවමින්, “මෙන්න, සමිඳාණන් වහන්සේගේ සතුරාගෙන් ගත් කොල්ලයෙන් ඔබට තෑගි ය”යි කියා යැවී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්