Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 20:19 - Sinhala New Revised Version

19 සතියේ පළමු වන දා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට, “ඔබට ශාන්තිය වේ වා!’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 සතියේ පළමු දින වූ එදින සවස ගෝලයෝ, යුදෙව්වනට බයින් දොරගුළු ලා ගෙන සිටියදී, යේසුස්වහන්සේ ඔවුන් මැද සිටගෙන, “ඔබට සාමය වේවා!” යි ඔවුන්ට කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 සතියේ පළමු වන දා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට, “ඔබට ශාන්තිය වේ වා!’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 සතියේ පළමුවෙනිවූ ඒ දවසේ සවස්වූ කල, යුදෙව්වරුන්ට භයින් දොරවල් වසා තිබෙද්දී, ගෝලයන් එක්ව සිටිතැන්හි යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 20:19
27 හුවමාරු යොමු  

අට දවසකට පසු උන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවස තුළට වී සිටියෝ ය. තෝමස් ද ඔවුන් සමඟ සිටියේ ය. දොරවල් වසා තිබිණි. එහෙත්, ජේසුස් වහන්සේ පැමිණ, ඔවුන් මැද වැඩ සිට: “ඔබට ශාන්තිය වේ වා!”යි වදාළ සේක.


“ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි; මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නට වත් බිය වන්නට වත් ඉඩ නොදෙන්න.


“ඔබට ශාන්තිය වේ වා!”යි යළිත් උන් වහන්සේ ඔවුන්ට වදාරා “පියාණන් වහන්සේ මා එවා වදාළාක් මෙන් මම ද ඔබ යවමි”යි ඔවුන්ට කී සේක.


ජුදෙව්වරුන් හා විජාතිකයන් එක්කරමින් උන් වහන්සේ අප අතර සමඟිය ඇති කළ සේක. උන් වහන්සේ මිනිසත් බව ගෙන, ඔවුන් වෙන් කළ, ඔවුන් අතර වෛරය ඇති කළ, මැද බිත්තිය කඩා දැමූ සේක.


සාමදානයේ සමිඳාණන් වහන්සේ ම, නිතර ම, සියලු අයුරින් ම ඔබට සාමදානය දෙන සේක් වා! සමිඳාණන් වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක් වා!


එහෙත්, ජුදෙව්වරුන්ට බියෙන් කිසිවෙක් උන් වහන්සේ ගැන එළිපිට කතා නොකළහ.


පසුව ජේසුස් වහන්සේ, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක.


ආසියාවේ සභා සතට මෙය ලියා එවන්නේ ජොහන් නම් මම ය. වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින දෙවියන් වහන්සේගෙන් ද, උන් වහන්සේගේ සිහසුන ඉදිරියෙහි සිටින ආත්මයන් සත් දෙනාගෙන් ද, විශ්වාසවන්ත සාක්ෂිකරුත්


කේපස්ට හා පසුව දොළොස් දෙනාට දර්ශනය වූ බවත් ය.


මේ දේවල් මා ඔබට කීවේ මා තුළ ඔබට ශාන්තිය ඇති වන පිණිස ය. ලෝකයෙහි ඔබට දුක්ගැහැට තිබේ. එහෙත් ධෛර්යවත් වන්න; මම ලෝකය අභිබවා ජයගතිමි”යි වදාළ සේක.


ආබ්‍රහම් තමා සතු සියල්ලෙන් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. පළමු ව මෙල්කිසදෙක් යන නාමයේ අර්ථය ‘ධර්මිෂ්ඨකමේ රජු’ යනුයි. දෙවනු ව, ඔහු සාලෙම්හි රජ වූ බැවින්, ඔහුගේ නාමයේ අර්ථය ‘සාමයේ රජු’ යනු ද විය.


අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!


පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද සහෝදරයන් හට සාමයත්, ප්‍රේමයත්, ඇදහිල්ලත් වේ වා!


ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමඟ වේ වා! ආමෙන්.


එමෙන් ම ඔබ දැන් ශෝක වන්නහු ය. එහෙත් නැවත මම ඔබ දකින්නෙමි. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිනා යයි. ඔබේ ප්‍රීතිය ද කිසිවෙක් ඔබෙන් පැහැර නොගනිති.


මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.”


ගෙයි වැසියෝ සුදුසු අය නම්, ඔබේ ඒ සුබ පැතුම ඔවුන් පිට පැමිණේ වා. එහෙත්, නුසුදුසු නම්, ඔබගේ ඒ සුබ පැතුම, යළි ඔබ වෙත පැමිණේ වා.


මාගේ නෑ මිතුරන් නිසා මම මෙසේ කියමි: “ජෙරුසලම තුළ සාමදානය වේ වා!”


ඉන්පසු ජේසුස් වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟ දී ශ්‍රාවකයන්ට නැවත දර්ශනය වූ සේක. උන් වහන්සේ දර්ශනය වූයේ මේ අයුරින් ය.


මේ වනාහි ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ තුන් වන වතාව ය.


උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක.


ඉක්මනින් ඔබ දකින්නට මා බලාපොරොත්තු වන බැවින්, අප මුණගැසුණ විට ඒ ගැන සාකච්ඡා කළ හැකි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්