ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 10:30 - Sinhala New Revised Version

මම ස්තුති දී වළඳන්නෙම් නම් එසේ ස්තුති දී වළඳන දේ ගැන මට දොස් තබන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මා භුක්ති විඳින්නේ ස්තුති දීම සමඟ නම්, මා ස්තුති දෙන දේ මා හෙළා දකින්නේ කුමට ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම ස්තුති දී වළඳන්නෙම් නම් එසේ ස්තුති දී වළඳන දේ ගැන මට දොස් තබන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මම ස්තුති දීමෙන් කන්නෙම් නම්, මා ස්තුති දෙන්නාවූ ඒ දේ ගැන මක්නිසා අපහාසකරනු ලබම්ද?

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 10:30
4 හුවමාරු යොමු  

ඔබට යහපත සේ පෙනෙන දේ අපවාදයකට හේතුවක් නොවේ වා.


යම් දවසක් උසස් කොට සලකන්නා එසේ කරන්නේ සමිඳාණන් වහන්සේ උදෙසා ය. කොයි දේත් කන තැනැත්තා ද දෙවියන් වහන්සේට ස්තුති දී කන බැවින්, කන්නේ සමිඳාණන් වහන්සේ උදෙසා ය. එසේ නොකන තැනැත්තාත් දෙවියන් වහන්සේට ස්තුති දී නොකා සිටින බැවින් එය කරන්නේ ද සමිඳාණන් වහන්සේ උදෙසා ය.


මම නිදහස් කෙනෙක් නොවෙම් ද? මම ප්‍රේරිතවරයෙක් නොවෙම් ද? අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ මම නුදුටිම් ද? ඔබ හැම, සමිඳාණන් වහන්සේ උදෙසා මා කළ සේවයේ ප්‍රතිඵල නොවන්නහු ද?