Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 9:1 - Sinhala New Revised Version

1 මම නිදහස් කෙනෙක් නොවෙම් ද? මම ප්‍රේරිතවරයෙක් නොවෙම් ද? අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ මම නුදුටිම් ද? ඔබ හැම, සමිඳාණන් වහන්සේ උදෙසා මා කළ සේවයේ ප්‍රතිඵල නොවන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 මා නිදහස් කෙනෙක් නො වේ ද? මා අපෝස්තුලුවරයෙක් නො වේ ද? මා, යේසුස් අප ස්වාමින්වහන්සේ දුටුවේ නැති ද? ස්වාමින්වහන්සේ තුළ මගේ නිර්මාණය ඔබ නො වෙත් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මම නිදහස් කෙනෙක් නොවෙම් ද? මම අපෝස්තුළුවරයෙක් නොවෙම් ද? අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ මම නුදුටිම් ද? ඔබ හැම, සමිඳාණන් වහන්සේ උදෙසා මා කළ සේවයේ ප්‍රතිඵල නොවන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මම නිදහස් කෙනෙක් නොවෙම්ද? මම ප්‍රේරිතයෙක් නොවෙම්ද? මම අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ නුදුටිම්ද? ස්වාමීන්වහන්සේ තුළ නුඹලා මාගේ කර්මාන්තය නොවවුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 9:1
37 හුවමාරු යොමු  

අනනියස් පිටත් ව ගොස් ගෙට ඇතුළු වී, ඔහු පිට අත් තබා, “සහෝදර සාවුල්, ඔබට පෙනීම ලැබෙන පිණිස ද ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලබන පිණිස ද සමිඳාණන් වහන්සේ, එනම්, ඔබ ගමන් කළ මාර්ගයේ දී ඔබට දර්ශනය වූ ජේසුස් වහන්සේ, මා එවූ සේකැ”යි කී ය.


ඒ පිළිබඳ දේශනාකාරයෙකු ද ප්‍රේරිතයෙකු ද ලෙස මා පත් කරනු ලැබුවේ විජාතීන්ට සත්‍ය ඇදහිල්ල උගන්වන පිණිස ය. මා මේ කියන්නේ බොරුවක් නොව සත්‍යයක් ම ය.


මම පැළ කෙළෙමි, අපොල්ලොස් වතුර දැම්මේ ය. එහෙත් එහි වැඩීම සැලසූයේ දෙවියන් වහන්සේ ය.


එදා රාත්‍රියේ සමිඳාණන් වහන්සේ පාවුලු ළඟ සිට, “ධෛර්යවත් වෙන්න ඔබ ජෙරුසලමේ දී මා ගැන සාක්ෂි දුන් සේ ම, රෝමයේ දීත් සාක්ෂි දිය යුතු ය”යි වදාළ සේක.


මෙසේ ඔහු ගමන් කරමින් දමස්කයට ළං වූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළිණි.


මම සියල්ලන් අතර නිවහල් කෙනෙක් වුවත්, බොහෝ දෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ගේ වහලෙක් වීමි.


ඒ සුබ අස්න පිළිබඳ දේශනාකරුවෙකු ද ප්‍රේරිතයෙකු ද, ගුරුවරයෙකු ද ලෙස මම පත් කරනු ලැබුවෙමි.


ක්‍රිස්තුන් වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමට ය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත යටත් නොවී ස්ථිර ව සිටින්න.


එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු.


ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, උන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීම පිණිස ප්‍රේරිතවරයෙකු වීමට දේව වරමින් කැඳවීම ලත්, පාවුලු වෙ‍තිනි.


මිනිසුන් කෙරෙන් වත්, මිනිසෙකු මඟින් වත් නොව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් හා උන් වහන්සේ උත්ථාන කොට වදාළ දෙවි පියාණන් වහන්සේගෙන් ප්‍රේරිතවරයෙකු වීමේ කැඳවීම ලත් පාවුලු නම් මම මෙසේ ලියා එවමි.


අපි කිසි දිනක ඔබගෙන් හෝ, අන්‍යයන්ගෙන් හෝ, මනුෂ්‍ය ප්‍රශංසාව නොසෙව්වෙමු.


එහෙත් ඔබ මහ ඉහළින් සලකන ඔය ප්‍රේරිතයන්ට වඩා මම කිසිසේත් පහත් යයි නොසිතමි.


ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වීමට දේව කැමැත්ත අනුව කැඳවීම ලත් පාවුලු හා අප සොහොයුරු සොස්තනිස්ගෙන්,


දැන් මා කතා කරන්නේ විජාතීන් වන ඔබට ය. විජාතීන්ට ප්‍රේරිතයෙකු ව සිටින බැවින් මම මාගේ මෙහෙය උසස් කොට සලකමි.


සියලු ජාතීන් ඇදහිල්ලට පමුණුවන පිණිස ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ප්‍රේරිතවරයෙකු වීමේ වරම මම උන් වහන්සේ අතින් ලදිමි.


එහෙත් ප්‍රේරිතවරුන් වූ බාර්ණබස් ද පාවුලු ද ඒ ගැන අසා, තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන සමූහයා අතරට දිව ගොස්, මොරගසා,


ඒ නගරයේ ජනයා දෙකට බෙදී සමහරෙක් ජුදෙව්වරුන්ගේ පක්ෂය ද අන් සමහරෙක් ප්‍රේරිතවරයන්ගේ පක්ෂය ද ගත්හ.


ඔවුන් සමිඳාණන් වහන්සේට සේවය කරමින් උපවාසයේ යෙදී සිටි විට ශුද්ධාත්මයාණන් වහන්සේ කතා කොට, “මා විසින් බාර්ණබස් ද සාවුල් ද කැඳවනු ලැබූ සේවය සඳහා ඔවුන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක.


එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි.


“ස්වාමීනි, ඔබ කවරෙක් දැ”යි ඔහු ඇසී ය. “මම ඔබ විසින් පීඩා කරනු ලබන ජේසුස් ය.


හෘදය සාක්ෂිය නිසා යයි මා කියන්නේ ඔබගේ නොව අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැන ය. කෑම පිළිබඳ මට ඇති නිදහස, අන් කෙනෙකුගේ හෘදය සාක්ෂිය මත රඳා පවතින්න ඇති උවමනාව කුමක් ද?


මම ස්තුති දී වළඳන්නෙම් නම් එසේ ස්තුති දී වළඳන දේ ගැන මට දොස් තබන්නේ මන් ද?


එහෙත් යමෙක් වාද කරන්න කැමැත්තේ නම්, ඒ ගැන කිව යුත්තේ, අපට වත්, දෙවියන් වහන්සේගේ සභාවලට වත් පෙර කී සිරිත හැර අන් සිරිතක් නැති බව ය.


කරුණු ඇති සැටි සිතා බලන්න. යමෙක් තමා ක්‍රිස්තුන් වහන්සේට අයිති යයි සිතාගනී නම්, ඔහු මෙන් අපත් ක්‍රිස්තුන් වහන්සේට අයිති බව සිතට ගනීවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්