Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 10:29 - Sinhala New Revised Version

29 හෘදය සාක්ෂිය නිසා යයි මා කියන්නේ ඔබගේ නොව අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැන ය. කෑම පිළිබඳ මට ඇති නිදහස, අන් කෙනෙකුගේ හෘදය සාක්ෂිය මත රඳා පවතින්න ඇති උවමනාව කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 මා අදහස් කළේ, අනෙකාගේ හෘදය සාක්ෂියයි; ඔබගේ නො වෙයි. මගේ නිදහස අනෙකකුගේ හෘදය සාක්ෂියෙන් තීරණය කරන්නේ කුමට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 හෘදය සාක්ෂිය නිසා යයි මා කියන්නේ ඔබගේ නොව අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැන ය. කෑම පිළිබඳ මට ඇති නිදහස, අන් කෙනෙකුගේ හෘදය සාක්ෂිය මත රඳා පවතින්න ඇති උවමනාව කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 හෘදයසාක්ෂිය නිසායයි මා කියන්නේ නුඹේම හෘදයසාක්ෂිය ගැන නොව අනික් අයගේ හෘදයසාක්ෂිය ගැනය; මාගේ නිදහස්කම අන් කෙනෙකුගේ හෘදයසාක්ෂියේ හැටියට විනිශ්චයකරන්නේ මන්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 10:29
8 හුවමාරු යොමු  

මම සියල්ලන් අතර නිවහල් කෙනෙක් වුවත්, බොහෝ දෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ගේ වහලෙක් වීමි.


සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පමණක් නොව, මිනිසුන් ඉදිරියෙහි ද අවංක ව ක්‍රියා කිරීම අපේ අරමුණ වේ.


ජුදෙව්වරුන්ට වත්, ග්‍රීකයන්ට වත්, දෙවියන් වහන්සේගේ සභාවට වත් බාධාවට හේතුවක් නොවන්න.


සියලු ආකාර නපුරෙන් වළකින්න.


“සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්,


මම නිදහස් කෙනෙක් නොවෙම් ද? මම ප්‍රේරිතවරයෙක් නොවෙම් ද? අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ මම නුදුටිම් ද? ඔබ හැම, සමිඳාණන් වහන්සේ උදෙසා මා කළ සේවයේ ප්‍රතිඵල නොවන්නහු ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්