මම නම් මාගේ ම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙකුගේ ගැළවීම පිණිස, ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියල්ලෙහි දී සියල්ලන් සතුටු කරමි.
1 කොරින්ති 10:24 - Sinhala New Revised Version කිසිවෙකු තමාගේ ම වාසිය නොසොයා අසල්වාසියාගේ යහපත සෙවිය යුතු ය. සිංහල කාලීන පරිවර්තනය කිසිවකු තමාගේ වාසියම නො ව, අන් අයගේ යහපත සොයා බැලිය යුතු ය. Sinhala New Revised Version 2018 කිසිවෙකු තමාගේ ම වාසිය නොසොයා අසල්වාසියාගේ යහපත සෙවිය යුතු ය. Sinhala Revised Old Version කිසිවෙක් තමාගේම කාරණා නොසොයා, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ යහපත සොයාවා. |
මම නම් මාගේ ම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙකුගේ ගැළවීම පිණිස, ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියල්ලෙහි දී සියල්ලන් සතුටු කරමි.
මම දැන් තුන් වන වරටත් ඔබ වෙත එන්නට සූදානම් ව සිටිමි. එහෙත් මම ඔබට බරක් නොවෙමි. මට වුවමනා ව තිබෙන්නේ ඔබේ දේපළ නොව, ඔබ ම ය. එසේ කියන්නේ දරුවන් දෙමවුපියන් උදෙසා නොව, දෙමවුපියන් දරුවන් උදෙසා මුදල් ඉතිරි කළ යුතු බැවිනි.
සියල්ලෝම තම තමන්ගේ ම කාරිය ගැන මිස, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ කාරණා ගැන නොවෙහෙසෙති.