Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




පිලිප්පි 2:21 - Sinhala New Revised Version

21 සියල්ලෝම තම තමන්ගේ ම කාරිය ගැන මිස, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ කාරණා ගැන නොවෙහෙසෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 හැම කෙනකුම බලන්නේ තම ලාභ-ප්‍රයෝජනය මිස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා ගැන නො වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 සියල්ලෝම තම තමන්ගේ ම කාරිය ගැන මිස, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ කාරණා ගැන නොවෙහෙසෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මක්නිසාද සියල්ලෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා නොව තම තමුන්ගේම කාරණා සොයන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




පිලිප්පි 2:21
19 හුවමාරු යොමු  

කිසිවෙකු තමාගේ ම වාසිය නොසොයා අසල්වාසියාගේ යහපත සෙවිය යුතු ය.


එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා!


සැමදෙන තම තමාගේ ම යහපත පමණක් නොසොයා, අනුන්ගේ යහපත ගැන ද සලකන්න.


ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, පුරසාරම් දොඩන, අහංකාර, දේව අපහාස කරන, දෙමව්පියන්ට අකීකරු, කෙළෙහිගුණ නොසලකන, අධර්මිෂ්ඨ,


මම නම් මාගේ ම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙකුගේ ගැළවීම පිණිස, ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියල්ලෙහි දී සියල්ලන් සතුටු කරමි.


ප්‍රේමය, අවිනීත නොවේ, ආත්මාර්ථකාමි නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනියි;


“මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාට ද මවට ද භාර්යාවට ද දරුවන්ට ද සහෝදරයන්ට ද සහෝදරියන්ට ද තමාගේ ම ජීවිතයට වුව ද ප්‍රේම කරන්නේ නම්, ඔහුට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය.


ඔව්හු කිසිසේත් තෘප්තියට නොපැමිණෙන කෑදර බල්ලන් වැනි ය. ඔව්හු තේරුම්පැහැදුම් කිසිත් නැති එඬේරු වෙති. ඔව්හු එකිනෙකා තම තමාගේ වාසිය තකා හිතුමනාපයට ක්‍රියා කරති.


මන්ද, දේමස් ලෞකික ජීවිතයට ඇලුම් වී, මා අත්හැර, තෙසලෝනිකයට ගියේ ය. ක්‍රස්කේන්ස් ගලාතියටත්, තීතස් දල්මතියාවටත් ගියෝ ය.


ක්‍රිස්තුන් වහන්සේගේ අධිකතර වේදනාවලට යම් සේ අපි පංගුකාරයෝ වීමු ද, එසේම උන් වහන්සේගේ අධිකතර සැනසිල්ලටත් අපි පංගුකාරයෝ වෙමු.


මගේ පළමු නඩු විභාගයේ දී කිසිවෙක් මා සමඟ නොසිටියහ. සියල්ලෝම මා අත්හැර ගියෝ ය. ඒ ගැන ඔවුන්ට වරදක් නොපැමිණේ වා.


එහෙත් තමන් සමඟ සේවයට නොගොස්, පම්පිලියේ දී අහක් ව ගිය තැනැත්තා යළිත් කැඳවාගෙන යාම සුදුසු නැතැ යි පාවුලු සිතී ය.


පාවුලු සහ පිරිස පාපස්හි සිට නැව් නැඟී ගොස්, පම්පිලියේ පර්ගායට පැමිණියෝ ය. එවිට ජොහන් ඔවුන්ගෙන් වෙන් ව ජෙරුසලමට පෙරළා ගියේ ය.


‘අහෝ! මාගේ පූජාසනය පිට නිෂ්ඵල ලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසා තබන එක් කෙනෙකු නුඹලා අතරේ ඇත්නම් කොපමණ හොඳ ද? නුඹලා ගැන මට සතුටක් නැත; නුඹලා ගෙනෙන පූජාවක් මම භාර නොගනිමි.


පිගෙලස්, හර්මෝගෙනිස් සහ ආසියාවේ සිටින සියල්ලන් මා හැරදමා ගිය බව ඔබ දන්නෙහි ය.


එහෙත්, පූජකයන් විසින් ජෙහෝවාෂ් රජුගේ විසිතුන් වන අවුරුද්ද දක්වා මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්