සිරියාවේ රජු ජෙහෝවාහාස්ගේ සේනාවෙන් ඔහුට ඉතිරි කෙළේ, අසරුවන් පණසක් ද රථ දසයක් ද පාබල සෙනඟ දසදහසක් ද පමණකි. මන්ද, ඔහු ඔවුන් විනාශ කොට, ඔවුන් පයින් පාගාදමා දූවිලි මෙන් කෙළේ ය.
හොෂෙයා 9:6 - Sinhala New Revised Version 2018 ඔවුන් විනාශයෙන් පලා ගොස් ඇත. මිසර වැසියෝ ඔවුන් එක්රැස් කර, මෙම්පිස්හි භූමදාන කරන්නෝ ය. ඔවුන්ගේ රිදී වස්තුව කහඹිලියා පැළවලින් ද ගේ දොරවල් ගොකටුවලින් ද වැසී යන්නේ ය. Sinhala New Revised Version ඔවුන් විනාශයෙන් පලා ගොස් ඇත. මිසර වැසියෝ ඔවුන් එක්රැස් කර, මෙම්පිස්හි භූමදාන කරන්නෝ ය. ඔවුන්ගේ රිදී වස්තුව කහඹිලියා පැළවලින් ද ගේ දොරවල් ගොකටුවලින් ද වැසී යන්නේ ය. Sinhala Revised Old Version මක්නිසාද ඔව්හු විනාශය වෙතින් ඉවත්ව ගියෝය, නුමුත් මිසරය ඔවුන් එකතුකරගන්නේය, මෙම්පිස්හි ඔව්හු වළලනු ලබන්නෝය. ඔවුන්ගේ ප්‍රියවූ රිදී බඩු කහඹිලියාවලට හිමිවන්නේය. ගොකටුද ඔවුන්ගේ කූඩාරම්වල හැදෙන්නේය. |
සිරියාවේ රජු ජෙහෝවාහාස්ගේ සේනාවෙන් ඔහුට ඉතිරි කෙළේ, අසරුවන් පණසක් ද රථ දසයක් ද පාබල සෙනඟ දසදහසක් ද පමණකි. මන්ද, ඔහු ඔවුන් විනාශ කොට, ඔවුන් පයින් පාගාදමා දූවිලි මෙන් කෙළේ ය.
එහි හැම තැන ම කටු පඳුරු වැවී තිබිණි, මුළු ඉඩම කහඹිලියාවලින් වල් බිහි වී තිබිණි, ගල් තාප්පය බිඳ වැටී තිබිණි.
ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.
ශොවන් හා මෙම්පිස් නගරවල අධිපතියෝ අඥානයෝ ය. තමන් ජාතියට මඟ පෙන්වනු ඇතැ යි සිතූ ඔවුන් ජාතිය නොමඟ යවා ඇත.
ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ම රටේ එක කොණක සිට අනික් කොණ දක්වා, යුප්‍රටීස් සිට නයිල් ගඟ දක්වා උන් වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ රැස් කොට විනිශ්චයය කරන සේක. උන් වහන්සේ හොඳ ධාන්‍ය බොල්වලින් වෙන් කරන්නාක් මෙන් සුදනන් දුදනන්ගෙන් වෙන් කරන සේක.
මාගේ සෙනඟගේ ඉඩම්වල කටු පඳුරු ද ගොකටු ද හටගන්නේ ය. සොම්නසින් පිනා ගිය සියලු ම ප්‍රීතිය ඇති නගරයේ ගෙවල එසේ වන්නේ ය.
එහි මාලිගාවල කටු පඳුරු ද බලකොටුවල කහඹිලියා හා ගොකටු ද හටගන්නේ ය. ඒවා හිවලුන්ටත්, පැස්බරුන්ටත් වාසස්ථාන වන්නේ ය.
එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”
“ඒ කාලය පැමිණි විට රිදී මිළ දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම මිදි වතුවල කටු ගස් ද ගොකටු ද හටගැනෙනු ඇත.
ඉතින් ඔබ කලක් නවතින්නට යන්න ආශා වන ස්ථානයේ දී ඔබ සැම කඩුවෙනුත්, සාගතයෙනුත්, වසංගතයෙනුත් නසින බව සැබැවින් ම දැන ගන්නැ”යි කීවේ ය.
මිසර දේශයේ මිග්දොල්හි ද තාපන්හේස්හි ද නොප්හි ද පත්‍රෝස්හි ද වාසය කළ සියලු ජුදෙව්වරුන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.
මිසර දේශයෙහි පදිංචි වන පිණිස එහි පැමිණි ජුදාහි ඉතිරි ව සිටින සෙනඟ සියල්ලන් ම රැගෙන මම විනාශ කරන්නෙමි. ඔව්හු සියල්ලෝ ම මිසර දේශයේ දී කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය; ලොකු කුඩා සියල්ලෝ ම කඩුවෙන් ද සාගතයෙන් ද මැරෙන්නෝ ය. ඔව්හු සියල්ලන් ඉදිරියෙහි පිළිකුලක් ද සාපයක් ද භීතියක් ද සමච්චලයක් ද වන්නෝ ය.
මම ජෙරුසලමට දඬුවම් කළ පරිදි මිසර දේශයෙහි වාසය කරන්නන්ටත් කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමි.
“මිසරයෙහි ආරංචි කරමින් ද මිග්දොල්හි ප්‍රකාශ කරමින් ද නොප්හි හා තාපන්හේස්හි ප්‍රසිද්ධ කරමින් ද මෙසේ කියන්න, ‘නුඹලා ආරක්ෂා වන පිණිස සූදානම් වන්න; මන්ද, නුඹලාට ඇති සියලු දේ යුද්ධයෙන් විනාශ වී යන්නේ ය.’
අහෝ මිසර දේශ වැසියෙනි, වහල්කමට යාමට බඩු භාණ්ඩ සූදානම් කරගන්න. මන්ද, මෙම්පිස් නගරය ජනහීන, පාළු, නටබුන් ගොඩක් වන්නේ ය.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේව රූප නැති කොට, මෙම්පීස් දේශයේ පිළිම පහකරන්නෙමි. අධිපතියෙකු මිසර දේශයෙන් තවත් නොවනු ඇත. තවද, මම මිසර දේශයෙහි භීතිය හටගන්වන්නෙමි.
ගින්නක් ද මිසරයෙහි දල්වන්නෙමි. ශීන් මහ වේදනා විඳින්නටත්, පවුරු හෙළාදමා තීබ්ස් බිඳදමනු ලබන්නටත්, ජලගැල්මෙන් විනාශ වී යන්නටත් සලස්වන්නෙමි.
ඉශ්රායෙල් සෙනඟගේ පාපය වන ගිරිකුළු දේවාල වනසනු ලබනවා ඇත. කටු හා ගොකටුවලින් ඔවුන්ගේ පූජාසන වැසී යන්නේ ය. ‘අප සඟවා ගන්නැ’යි කඳුවලටත්, ‘අප පිට වැටේ වා’යි හෙල්වලටත් සෙනඟ කියනු ඇත.”
ඔව්හු කුරුල්ලන් මෙන් මිසර දේශයෙන් ද පරවියන් මෙන් අසිරියාවෙන් ද විගසින් එන්නාහ. මම නැවත ඔවුන්, ඔවුන්ගේ නිවාසවලට ගෙනෙන්නෙමි. සමිඳාණන් වහන්සේ වන මම මෙසේ කීවෙමි.”
එප්‍රායිම් නුනුවණ, බොළඳ පරවියෙකු හා සමාන ය. එහි වැසියෝ මිසරයෙන් පිහිට ඉල්ලති. ඉන්පසු අසිරියාවට දුවති.
“ඔවුන් මාගෙන් පලා ගිය නිසා, ඔවුන්ට වන විපතක මහත! ඔවුන් මට විරුද්ධ ව කැරලිගැසූ නිසා ඔවුන්ට වන විනාශයක මහත! මම ඔවුන් මුදාගන්න කැමැති වීමි; එහෙත්, ඔව්හු මට විරුද්ධ ව බොරු කී හ.
ඔව්හු මා වෙතින් හැරී බාල් දෙවිවරුන් කරා යති. ඔව්හු වනාහි හරි නැති දුන්නක් වැනි ය. ඔවුන්ගේ අධිපතීහු අහංකාර ලෙස කතා කරන නිසා කඩුවෙන් විනාශ වෙති. මිසර දේශ වැසියන් ඔවුන්ට සිනාසෙනු ඇත.”
මාංස පූජා කිරීමටත්, පූජා කරන මස් කෑමටත් ඔව්හු කැමැති ය. එහෙත්, සමිඳාණෝ එය ප්‍රිය නොකරන සේක. දැන් උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම් සිහි කොට, ඔවුන්ගේ පාපවලට නිසි දඬුවම් දෙන සේක. ඔවුන් ආපසු මිසර දේශයට යනු ඇත.
එප්‍රායිම් සෙනඟට සමිඳාණන් වහන්සේගේ දේශයෙහි වාසය කිරීමට නොහැකි ව ඔවුන්ට ආපසු මිසර දේශයට යන්න සිදු වන්නේ ය; අසිරියාවේ දී අපිරිසිදු කෑම කන්න ඔවුන්ට සිදු වන්නේ ය.
නුඹලාට විරුද්ධ ව යුද්ධ ඇති කොට, මිසදිටුවන් අතර නුඹලා විසුරුවා හරිමි. නුඹලාගේ රට පාළු වනු ඇත, නගර වැනසෙනු ඇත.
සියලු වෙළෙඳුන් වැනසූ නිසා ද රිදී කිරන අය විනාශ කරනු ලැබූ නිසා ද නගරයේ පහත කොටසේ සිටින නුඹලා හඬා වැලපෙන්න.
එවිට ඉශ්රායෙල්වරු තමන් අනතුරට භාජන වී සිටි බව දුටුවෝ ය. ඔව්හු අවදානම් තත්ත්වයක සිටියෝ ය. එවිට සෙනඟ ගුහාවල ද වළවල ද පර්වතවල ද පතල්වල ද ළිංවල ද සැඟවුණෝ ය.