Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 7:13 - Sinhala New Revised Version 2018

13 “ඔවුන් මාගෙන් පලා ගිය නිසා, ඔවුන්ට වන විපතක මහත! ඔවුන් මට විරුද්ධ ව කැරලිගැසූ නිසා ඔවුන්ට වන විනාශයක මහත! මම ඔවුන් මුදාගන්න කැමැති වීමි; එහෙත්, ඔව්හු මට විරුද්ධ ව බොරු කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 “ඔවුන් මාගෙන් පලා ගිය නිසා, ඔවුන්ට වන විපතක මහත! ඔවුන් මට විරුද්ධ ව කැරලිගැසූ නිසා ඔවුන්ට වන විනාශයක මහත! මම ඔවුන් මුදාගන්න කැමැති වීමි; එහෙත්, ඔව්හු මට විරුද්ධ ව බොරු කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඔවුන් මාගෙන් පලාගිය නිසා ඔවුන්ට දුක්වේ! ඔවුන් මට විරුද්ධව කැරළිගැසූ නිසා ඔවුන්ට විනාශය පැමිණෙන්නේය! මම ඔවුන් මුදාගන්ට කැමැතිවීමි, නුමුත් ඔව්හු මට විරුද්ධව බොරු කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 7:13
42 හුවමාරු යොමු  

ඔවුන් දරුවන් ඇතිදැඩි කරතත්, ඉන් එකෙකු වත් ඉතිරි නොවන පරිදි මම ඔවුන් තුරන් කරන්නෙමි. මා මේ සෙනඟ අත් හැරදමා ගිය විට ඔවුන්ට වන විපතක මහත!”


“එප්‍රායිම් බොරුවෙන් ද ඉශ්රායෙල් සෙනඟ වංචාවෙන් ද මා වට කරගෙන සිටිති; විශ්වාසී, ශුද්ධ තැනැන් වහන්සේ වන දෙවියන් වහන්සේට විරුද්ධ ව ජුදා සෙනඟ තවමත් කැරලි ගසමින් සිටිති.


තවද එක් රාජාලියෙකු මැද අහසේ පියාසර කරමින්, “මින්පසු දේව දූතයන් තුන් දෙනා පිඹින්නට යන අන්තිම හොරණෑවල ශබ්දය පැතිර යන විට පොළොවෙහි වාසය කරන්නන් හට දුක් වේ, දුක් වේ, දුක් වේ ය”යි මහ හඬින් කියනු මට ඇසිණි.


අපි පව් කර නැතැ යි කියමු නම්, අපි උන් වහන්සේ බොරුකාරයෙකු කරමු: උන් වහන්සේගේ වචනය ද අප තුළ නොපවතියි.


“අහෝ ජෙරුසලම! දිවැසිවරයන් නසන, නුඹ වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක් ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන් නුඹේ දරු කැල එක්රැස් කරගන්න මම කීවරක් කැමැති වූයෙම් ද? එහෙත්, නුඹ කැමැති නොවූවා ය.


මම නුඹලා, මිසරයෙන් පිටතට ගෙනාවෙමි; වහල්කමේ නිවාසයෙන් මිදුවෙමි. නුඹලාට මඟපෙන්වන පිණිස මෝසෙස් සමඟ ආරොන් ද මීරියම් ද නුඹලා වෙත එවීමි.


ඔහු සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන බව ඔවුන් දැනගෙන සිටි නිසා ඔව්හු ඉතා බියපත් වී, “ඔබ කළ මේ හදිය කුමක් දැ”යි ඇසූ හ.


එහෙත්, ජෝනා සමිඳාණන් වහන්සේ මඟ හැර පලා යන පිණිස තර්ෂිෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේ ය. එහි දී ඔහුට තර්ෂිෂ්ට යන නැවක් හමු වී, ඊට ගාස්තුව ගෙවා සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂිෂ් බලා යන නැවකට නැඟුණේ ය.


මා ඔවුන් පුතෙකු සේ සලකන්න සලකන්න ඔව්හු වඩ වඩා මට පිටුපා යන්න ගියෝ ය. ඔව්හු බාල් දේවතාවන්ට පූජා කළහ; කැපූ රූපවලට සුවඳ දුම් ඔප්පු කළහ.


ඔවුන් මාගේ දෙවියන් වහන්සේට කීකරු නොවූ නිසා උන් වහන්සේ ඔවුන් පහකරදමන සේක. ඔව්හු විජාතීන් අතරේ මුළා වූ අය වන්නෝ ය.


“සෙනඟ තමන්ගේ දුෂ්ටකමෙන් රජු ද උපායවලින් අධිපතීන් ද රවටති.


ඉශ්රායෙල් සෙනඟට සෞභාග්‍යයත්, සුවයත් ආපසු දෙන්න මා බලන හැම විට ම මට පෙනෙන්නේ එප්‍රායිම්ගේ අයුතුකම් හා සමාරියේ දුෂ්ටකම් ය. ඔව්හු වංචාකම් කරති; සොරුන් මෙන් ගෙවල් බිඳ සොරකම් කරති; එයින් පිට මංකොල්ල කති.


මාගේ බැටළුවෝ සියලු කඳුවල ද උස් වූ සියලු හෙල් පිට ද මුළා ව ගියහ. එසේ ය, මුළු පොළෝ තලයෙහි මාගේ බැටළුවෝ විසිරී ගියහ. උන් සොයන්න හෝ බලන්න හෝ කිසිවෙක් නොවූ හ.


“එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ ය”යි නුඹලා කියන්නහු ය. අහෝ ඉශ්රායෙල්වරුනි! අසන්න. මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද?


“ ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය; දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය’ යන ප්‍රස්තාව පිරුළ නුඹලා ඉශ්රායෙල් රටෙහි නැවත නැවත කියන්නේ මන් ද?


“ ‘එම්බා ජෙරුසලම! නුඹට වන දරුණු විපතක මහතැ’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. මන්ද, නුඹේ සියලු දුෂ්ටකම්වලට පසු,


අපේ හිසින් මල්දම් වැටුණේ ය. අප පව් කළ බැවින් අනේ! අපට වන දුකක මහත!


ඔබේ ප්‍රාණවලට හානිවන විධියට ඔබ නොමඟ ගොස් ඇත. ‘අපේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සියල්ල ඒ හැටියට අපට දන්වන්න. අපි එය කරන්නෙමු’යි ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට කන්නලව් කිරීමට ඔබ මා යැවුවහු ය.


මේ සෙනඟ ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඔවුන් තමන්ගේ පාද හසුරුවා නොගෙන මුළා වී යන්න මෙපමණ ප්‍රිය වූ බැවින් මම ඔවුන් කෙරෙහි අප්‍රසන්න ව සිටිමි. මම ඔවුන්ගේ අපරාධ සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් කරන්නෙමි.”


‘ඔව්හු මාගේ සෙනඟ ය, ඔව්හු වංචා නොකරති’යි සමිඳාණෝ වදාළ සේක. ඒ නිසා එතුමාණෝ ඔවුන්ගේ ගැළවුම්කාරයාණෝ වූ සේක.


අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.


එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් වංශයෙනි, නුඹ නිර්මාණය කොට, මවා වදාළ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “බිය නොවන්න; මම නුඹලා මුදාගතිමි. නුඹලාගේ නම කියා මම හඬගැසීමි. නුඹලා මාගේ ය.


සමිඳාණෝ නුඹේ දකුණත අල්ලාගනිමින් මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්වරුනි, පණුවෙකු වැනි නුඹලා කුඩා ව, දුර්වල ව සිටියත් බිය නොවන්න. මම නුඹලාට පිහිට වන්නෙමි. නුඹලා ගළවාගන්න, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ මම ය.


උපකාර ලබන පිණිස මිසරයට යන අයට වන විපතක මහත! ඔව්හු අශ්වයන්, අශ්ව රථ සහ හේවායන් ඇති, සිව්රඟ හමුදා බලය කෙරෙහි විශ්වාසය තබති. එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වන සමිඳුන් කෙරෙහි ඔව්හු තමන්ගේ විශ්වාසය නොතබති; සමිඳුන්ගේ උපදෙස් නොසොයති.


ඔවුන්ට වෛර වූ අයගේ අතින් ඔවුන් ගැළවූ සේක; සතුරන් අතින් ඔවුන් මිදූ සේක.


එසේ වන්නේ, ‘අපට ඉන්න ඉඩ දී අහක් ව ගිය මැනව. සව් බලැති දෙවිඳුන් විසින් අපට කරනු ලැබිය හැකි කිසිවක් ඇද්දැ’යි ඔවුන් දෙවිඳුන්ට කී නිසා ය.


“මොවුහු වනාහි ඔබේ බලයෙන් ද බලවත් හස්තයෙන් ද ඔබ විසින් මුදාගනු ලැබූ ඔබේ ම මෙහෙකරුවන් හා සෙනඟත් ය.


මිසර දේශයේ ඔබ වහලුන් ව සිටි බව ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගැළෙවු බව ද සිහි කළ යුතු ය. මෙවැන්නක් අද දින මා ඔබට අණ කරනුයේ එබැවින් ය.


මා නුඹලාගේ සහෝදරයන් වන මුළු එප්‍රායිම් වංශය නෙරපාදැමූ පරිදි නුඹලාත් මා ඉදිරියෙන් මම නෙරපා දමන්නෙමි.”


විදේශීහු කතා කරමින්, ‘අපි බබිලෝනිය සුව කරන්නට උත්සාහ කෙළෙමු; එහෙත්, ඈට සුවය ලැබී නැත. අපි ඇය අත්හැර ආපසු අපේ ම රටවලට යමු. මන්ද, බබිලෝනියේ විනාශය අහස උසට, වලාකුළු දක්වා නැඟුණේ ය’යි කී හ.


ධනපතීහු දුප්පතුන් සූරා කති. එහි වැසියෝ බොරු කියති. ඔවුන්ගේ කතාව වංචනික ය.


සමිඳාණෝ මෙසේ වදාළ සේක: “ජුදා දේශය පාලනය කරන අය මට විරුද්ධ ව කැරලි ගසන බැවින් ඔවුන්ට වන විපතක මහත! ඔව්හු පව් පිට පව් කරමින් මා නොකළ සැලසුම අනුගමනය කරති. මාගේ කැමැත්තට විරුද්ධ ව ගිවිසුම්වලට අත්සන් කරති.


මාගෙන් උපදෙස් නොගෙන ඔව්හු උපකාර ලබන පිණිස මිසරයට යති. ඔවුන් මිසරයේ ආරක්ෂාව පතන නිසා එහි රජවරුන්ගේ රැකවරණය කෙරෙහි ඔව්හු විශ්වාසය තබති.


ඔව්හු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහ. අවජාතක දරුවෝ ඔවුන්ට ඉපදී සිටිති. එබැවින් විනාශකයා ඔවුන්ගේ වතුපිටි සමඟ ඔවුන් විනාශ කරන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්