එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි.
හොෂෙයා 5:10 - Sinhala New Revised Version 2018 “ජුදාහි අධිපතීහු මායිම් කණු වෙනස් කරන්නන් වැනි ය. ඔවුන් කෙරෙහි මාගේ උදහස ජලගැල්මක් මෙන් වගුරුවන්නෙමි. Sinhala New Revised Version “ජුදාහි අධිපතීහු මායිම් කණු වෙනස් කරන්නන් වැනි ය. ඔවුන් කෙරෙහි මාගේ උදහස ජලගැල්මක් මෙන් වගුරුවන්නෙමි. Sinhala Revised Old Version යූදාහි අධිපතීන් මායිම් කණු වෙනස්කරන්නන් වැනිය. ඔවුන් කෙරෙහි මාගේ කෝපය ජලය මෙන් වගුරුවන්නෙමි. |
එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි.
ඔබේ මූලිකයෝ කැරලිකාරයෝ ය, සොරුන්ගේ මිතුරෝ ය. සියලු දෙන ම අල්ලසට ඇලුම් කරති. තම වාසිය සොයා යති; අනාථයන්ට යුක්තිය ඉටුකර නොදෙති; වැන්දඹුවන්ගේ නඩුවලට සවන් නොදෙති.
උදුන තුළ රිදී උණු වෙන්නාක් මෙන් නුඹලා නගරය තුළ උණු වන්නහු ය. එවිට සමිඳාණන් වහන්සේ වන මා, මාගේ කෝපය නුඹලා කෙරෙහි වැගිරවූ බව නුඹලා දැනගනු ඇත.”
“දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹලා පිට වගුරුවා, මාගේ උදහස නුඹලා කෙරෙහි පමුණුවන්නෙමි. නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි.
එහෙත් වචනය අසා, නොපිළිපදින තැනැත්තා අත්තිවාරමක් නැති බිමෙහි ගෙයක් තැනූ මිනිසෙකුට සමාන ය. සැඩ පහර ඒ ගෙට ගැසී ය, එවේලේ ම එය ඇද වැටුණේ ය. එහි විනාශය ද භයංකර විය.”
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට හිමි කරගන්නට දෙන දේශයෙහි ඔබට උරුම වන වතුපිටිවල, පුරාණයේ පටන් පිහිටුවා ඇති, ඔබේ අසල්වැසියාගේ වතු මායිම් ඉවත් නොකළ යුතු ය.”