Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 5:10 - Sinhala Revised Old Version

10 යූදාහි අධිපතීන් මායිම් කණු වෙනස්කරන්නන් වැනිය. ඔවුන් කෙරෙහි මාගේ කෝපය ජලය මෙන් වගුරුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “ජුදාහි අධිපතීහු මායිම් කණු වෙනස් කරන්නන් වැනි ය. ඔවුන් කෙරෙහි මාගේ උදහස ජලගැල්මක් මෙන් වගුරුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “ජුදාහි අධිපතීහු මායිම් කණු වෙනස් කරන්නන් වැනි ය. ඔවුන් කෙරෙහි මාගේ උදහස ජලගැල්මක් මෙන් වගුරුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 5:10
15 හුවමාරු යොමු  

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන දේශයෙහි නුඹට උරුමවෙන්නාවූ නුඹේ උරුමයෙහි පුරාතනයන් විසින් නියමකළාවූ නුඹේ අසල්වාසියාගේ මායිම් ඉවත් නොකරන්න.


එසේ හෙයින් ඔබ සම්බවිය හැකි ප්‍රස්තාවයකදී සෑම භක්තිවන්තයාම ඔබට යාච්ඤාකෙරේවා. සැබවින් මහත් ජලධාරාවන් ගලන කල ඒවා ඔහු වෙතට නොපැමිණෙන්නේය.


තමාගේ අසල්වාසියාගේ බිමේ ඉම පහකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.


නුමුත් අසා, නොකරන අය අත්තිවාරමක් නැතුව පොළොව පිට ගෙයක් සාදාගත් මනුෂ්‍යයෙකුට සමානය; සැඩපාර ඒ ගෙට ගැසුවේය, එවෙල්ම ඒක වැටුණේය; ඒ ගෙයි විනාශයද මහත්වියයි කීසේක.


වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; ඒක වැටුණේය. එහි වැටීමද බලවත්විය.


දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹ පිටට වගුරුවා, මාගේ උදහස නුඹ කෙරෙහි ඉෂ්ටකරන්නෙමි. නුඹේ මාර්ග ලෙස නුඹ විනිශ්චයකොට, නුඹේ සියලු පිළිකුල්කම් නුඹ පිටට පමුණුවන්නෙමි.


නුඹේ පියවරුන් පිහිටෙවුවාවූ පුරාණ මායිම් වෙනස් නොකරන්න.


ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.


ඒවා දවස මුළුල්ලේම ජලය මෙන් මා වටකර ආයේය; එකට රැස්ව මා වටකෙළේය.


ඔවුන් පිට ඔබගේ කෝපය වත්කළ මැනව, ඔබගේ කෝපාග්නිය ඔවුන් පිට වැටේවා.


නුඹේ අධිපතීහු කැරළිකාරයෝය, සොරුන්ගේ සමාගම්කාරයෝය, සෑමදෙනම අල්ලසට ඇලුම් වෙති, තෑගි පස්සේ දුවති. මවුපියන් නැත්තන්ට ඔව්හු යුක්තිය නොකෙරෙති, වැන්දඹුවගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත.


උඳුන තුළ රිදී උණුවන්නාක්මෙන් නුඹලා එහි තුළ උණුවන්නහුය; ස්වාමීන්වහන්සේ වන මා විසින් මාගේ කෝපය නුඹලා කෙරෙහි වැගිරෙවු බව නුඹලා දැනගන්නවා ඇතැයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්