ඔබ දුක් කරදර ගැන සලකන සේක; ඔබ උපකාර කරන්නට නිතර සූදානම් ය. අසරණයා සිය ජීවිතය ඔබට භාර දෙයි. ඔබ අනාථයාගේ ආධාරකරු වන සේක.
හොෂෙයා 14:4 - Sinhala New Revised Version 2018 “මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි; මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි. මන්ද, ඔවුන් කෙරේ මාගේ උදහස පහ වී ගොස් ඇත. Sinhala New Revised Version “මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි; මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි. මන්ද, ඔවුන් කෙරේ මාගේ උදහස පහ වී ගොස් ඇත. Sinhala Revised Old Version මම ඔවුන්ගේ පසුබටවීම සුවකර, සිය කැමැත්තෙන්ම ඔවුන්ට ආදරේවන්නෙමි. මක්නිසාද මාගේ උදහස ඔවුන් කෙරෙන් පහවගියේය. |
ඔබ දුක් කරදර ගැන සලකන සේක; ඔබ උපකාර කරන්නට නිතර සූදානම් ය. අසරණයා සිය ජීවිතය ඔබට භාර දෙයි. ඔබ අනාථයාගේ ආධාරකරු වන සේක.
එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.
උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.
ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝ ය: “සමිඳුනි, ඔබට මම ප්‍රශංසා කරමි. මා කෙරෙහි ඔබ උදහස් ව සිටි නමුත්, දැන් ඒ උදහස නිවී ගොස් ඇත. ඔබ මට සැනසීම දී ඇත.
“පිපාසා ඇති සියල්ලෙනි, ඇල දොළ වෙත පැමිණෙන්න; මුදල් නැති තැනැත්තෙනි, එන්න, අරගන්න, වළඳන්න. එන්න, මිදියුස හා කිරි ගන්න, නොමිලේ ම ලබාගන්න.
ඔවුන් ක්‍රියා කර ඇති අන්දම මම දිටිමි. එහෙත්, මම ඔවුන්ට සුවය දෙමි. මම ඔවුන්ට මඟපෙන්වා, පිහිට වී, ශෝක වන්නන් සිනා රැල්ලෙන් සනසන්නෙමි.
මාගේ සෙනඟ මොරගසමින් මෙසේ යාච්ඤා කරති: ‘සමිඳුනි, අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු. අපේ අයුතුකම්, අපේ අපරාධ, අපට විරුද්ධ ව සාක්ෂි දෙන නමුත්, ඔබේ නාමය වෙනුවෙන් අපට පිහිට වුව මැනව. අපි බොහෝ වර ඔබ වෙතින් හැරී ගියෙමු. ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
සමිඳුනි, මා සුව කළ මැනව. එවිට මම සුවපත් වන්නෙමි. මා ගළවාගත මැනව. එවිට මම ගැළවෙන්නෙමි. මම ඔබ පමණක් පසසන්නෙමි.
සමිඳාණන් වහන්සේට විපක්ෂ ව ගිය දරුවෙනි, ආපසු හැරී එන්න. මම නුඹලාගේ ද්‍රෝහිකම නවත්වා නුඹලා සුව කරන්නෙමි. එවිට නුඹලා මෙසේ පිළිතුරු දෙන්නහු ය: ‘මෙන්න අපි ඔබ වහන්සේ වෙත පැමිණ සිටිමු; මන්ද, ඔබ වහන්සේ අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය.
ඉශ්රායෙලය, නුඹ මාගේ පුත්‍රයා ය; මා ඉතා ප්‍රේම කරන දරුවා ය. නුඹේ නම මා සඳහන් කරන සෑම විට ම ප්‍රේමයෙන් මම නුඹ සිහි කරමි. නුඹ ගැන මාගේ සිත කකියනු ඇත. මම නුඹට නිසැක ව අනුකම්පා කරමි. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය.
එහෙත්, මේ නගරයට මම සුව සෙත ගෙන දෙන්නෙමි. මම සෙනඟ සුවපත් කොට, සාමයෙන්, සුරක්ෂිතතාවෙන් ඔවුන්ට ප්‍රීතිය පෙන්වන්නෙමි.
මේ නිසා කැළෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේ ය; සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්ති කරන්නේ ය; දිවියෙක් ඔවුන්ගේ නගර ළඟ රැක ඉන්නේ ය; එයින් පිටත යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝ ය. මන්ද, ඔවුන්ගේ වැරදි බහුල වී ඇත; ඔවුන්ගේ මිසදිටුකම වැඩි වී ඇත.
ගිලියද්හි ගුගුල් නැද් ද? එහි වෙදෙක් නැද් ද? මාගේ සෙනඟ සුවය ලබා නැත්තේ මන්දැ”යි සමිඳාණන් වහන්සේ අසන සේක.
නුඹ නසිනු ඇතැ යි මා දුෂ්ටයාට කී නමුත්, ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තිය ද දැහැමි ක්‍රියා ද කළොත්,
නුඹලා වටකර ඉතිරි වී ඇති ජාතීන් ද සමිඳාණන් වහන්සේ වන මා විසින් ජරාවාස වූ තැන් ගොඩනඟන්නටත්, පාළු වූ ඉඩම් වවන්නටත් සලසන ලද බව දැනගනු ඇත. සමිඳාණන් වහන්සේ වන මම එය කීවෙමි, එය ඉටු කරන්නෙමි.”
ඔවුන් මට පිටුපා ගොස් ඇති බැවින් ඔවුන්ට වන විපතෙන් ඔවුන්ට බේරෙන්න බැරි ය. ඔවුන් පිට පැමිණි වියගහ නිසා ඔවුන් වැලපෙනු ඇත. එහෙත්, එය ඉවත් කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති.
එම්බා ඉශ්රායෙල් දේශය, මම නුඹ සදහට ම සරණ පාවා ගතිමි. දැහැමින් හා යුක්තියෙන්, ස්ථිර ප්‍රේමයෙන් හා අනුකම්පාවෙන් මම නුඹ සරණ පාවා ගතිමි.
“එන්න; අපි සමිඳාණන් වහන්සේ වෙත හැරී යමු; අප ඉරාදැම්මේ උන් වහන්සේ ය; අප සුව කරන්නේත් උන් වහන්සේ ය; අපට පහර දුන්නේත් උන් වහන්සේ ය; අපේ තුවාළ බඳින්නේත් උන් වහන්සේ ය.
ඔබේ දෙවි සමිඳාණෝ ඔබ සමඟ ය; ඔබට ජය අත් කර දෙන සෙබළාණෝ ය. එතුමාණෝ ඔබ ගැන ප්‍රිය මනාප වන සේක; සිය පෙමින් ඔබට නව ජීවනයක් දෙන සේක; ඔබ ගැන සොම්නස් සිතින් ගී ගයන සේක;
“පූජක ආරොන්ගේ පුත්, එලෙයාසර්ගේ පුත්‍රයා වන පිනෙහාස් මගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත පැමිණීමෙන් වැළැක්විය. ඔවුන් අතර ඔහු පමණක් මට ඉතා ලැදි ව සිටි බැවින්, ඒ ලැදිකම නිසා ම, මම ඉශ්රායෙල් ජනයා වනසා නොදැමීමි.
උන් වහන්සේ මෝසෙස් අමතා, “සෙනඟ අතර නායක සියල්ලන් කැඳවන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් කෙරෙන් පහවී යන පිණිස, ප්‍රසිද්ධියේ ඔවුන් එල්ලා මරන්නැ”යි වදාළ සේක.
දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ අත් කර දුන් ගැළවීම කරණකොටගෙන, සියල්ලෝ ම නොමිලයේ දමිටු බවට පත් කරනු ලැබ සිටිති.
උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහා ය.
උන් වහන්සේ අප ගළවා, කැපවූ ජීවිතයකට අප කැඳවූ සේක. එසේ කළේ අපේ ම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව, උන් වහන්සේගේ ම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුව ය. මෙය, කාලයාගේ පටන්ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙනලද්දකි.
එහෙත් අපගේ ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ ගුණවත්කම හා ප්‍රේමය මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රකාශ වූ කල,