හෙබ්‍රෙව් 5:13 - Sinhala New Revised Version 2018 කිරි බීමෙන් ජීවත් වන්නා ළදරුවෙකු බැවින් ඔහුට ධර්මිෂ්ඨකම පිළිබඳ හැඟීමක් නැත. Sinhala New Revised Version කිරි බීමෙන් ජීවත් වන්නා ළදරුවෙකු බැවින් ඔහුට ධර්මිෂ්ඨකම පිළිබඳ හැඟීමක් නැත. සිංහල කාලීන පරිවර්තනය කිරි බීමෙන් ජීවත් වන කවුරුන් වුවත් ඔහු දරුවකු බැවින්, ධර්මිෂ්ඨකමේ වචනයෙහි ඔහු නිපුණ නැත. Sinhala Revised Old Version ඉතින් කිරි බොන සෑමදෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති. |
ඔව්හු මට චෝදනා කරමින් මෙසේ කියති: “ඔහු දහම උගන්වන්න එන්නේ කාට ද? ඔහුගේ පණිවුඩය වුවමනා කාට ද? එය සුදුසු වන්නේ කිරි වැරූ දරුවන්ට පමණ යි.
ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
සැබැවින් ම මම ඔබට කියමි, යම් කෙනෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු සේ නොපිළිගත්තොත්, ඔහු කිසි සේත් එහි ඇතුළු නොවන්නේ ය”යි ඔවුන්ට වදාළ සේක.
නූගතුන්ට ගුරුවරයෙකු ද දැනුම් නැත්තවුන්ට උපදේශකයෙකු ද බව නිසැක ව විශ්වාස කරන්නහු ය. ව්‍යවස්ථාවෙහි සැබෑ ප්‍රඥාව හා සත්‍යය ගැබ් වී ඇති බව ඔබට සහතික ය.
බාල වියෙහි දී මම බාලයෙකු මෙන් කතා කෙළෙමි; බාලයෙකු මෙන් සිතුවෙමි; බාලයෙකු මෙන් තේරුම් ගතිමි. එහෙත් මම දැන් වයසින් මුහුකුරා සිටින බැවින් ළාමක දේ අත් හැර සිටිමි.
සහෝදරවරුනි, සිහිබුද්ධියෙන් ළාමක නොවන්න. නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. සිහිබුද්ධියෙන් වැඩිහිටියන් වන්න.
සහෝදරයෙනි, ශුද්ධාත්ම වරම ලත් අයට මෙන් ඔබට කතාකිරීමට මට නොහැකි බැවින්, පෘථග්ජනයන්ට, ළා බාල කිතුනුවන්ට මෙන් මම ඔබට කතා කෙළෙමි.
අප වරදට පත් කළ ව්‍යවස්ථාව ප්‍රදානය කිරීම තේජාන්විත වී නම්, අප දමිටු කරන ශුද්ධාත්මයාණන් වහන්සේ ප්‍රදානය කිරීම ඊටත් වඩා තේජාන්විත නොවේ ද?
එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙමින් ගසාගෙන යන බාලයෝ නොවෙමු.
දේවානුභාවයෙන් යුත් මුළු ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමට ද දුර්මත දුරු කිරීමට ද හික්මවීමට ද දමිටු ජීවිතයක් ගත කිරීම පිණිස උපදෙස් දීමට ද ප්‍රයෝජනවත් වෙයි.
සැබැවින් ම සමිඳාණන් වහන්සේ යහපත් බව ඔබ අත්දැකීමෙන් දන්නා බැවින්, ඔබ වර්ධනය වී ගැළවීම ලබන පිණිස අලුත උපන් බිළිඳුන් මෙන් පිරිසිදු ආධ්‍යාත්මික කිරිවලට බොහෝ සෙයින් ආශා වන්න.