Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 5:13 - සිංහල කාලීන පරිවර්තනය

13 කිරි බීමෙන් ජීවත් වන කවුරුන් වුවත් ඔහු දරුවකු බැවින්, ධර්මිෂ්ඨකමේ වචනයෙහි ඔහු නිපුණ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 කිරි බීමෙන් ජීවත් වන්නා ළදරුවෙකු බැවින් ඔහුට ධර්මිෂ්ඨකම පිළිබඳ හැඟීමක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 කිරි බීමෙන් ජීවත් වන්නා ළදරුවෙකු බැවින් ඔහුට ධර්මිෂ්ඨකම පිළිබඳ හැඟීමක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඉතින් කිරි බොන සෑමදෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 5:13
15 හුවමාරු යොමු  

සැබවින් ම, ස්වාමින්වහන්සේ යහපත් වග ඔබ රස බලා තිබේ නම් ඔබගේ ගැලවීමේ මෝරා වැඩෙන පිණිස,


සහෝදරයිනි, ළමයින් මෙන් සිතීම නවතන්න. නපුර සම්බන්ධව බිළිඳුන් වන්න; සිතිවිලිවලින් වැඩිහිටියන් වන්න.


ශුද්ධ ලියවිලි සියල්ල දෙවියන්වහන්සේගේ ආනුභාව ලද බැවින් ඉගැන්වීමටත්, තරවටුවටත්, නිවැරදි කිරීමටත්, ධර්මිෂ්ඨකමේ පුහුණුවටත් ප්‍රයෝජනවත් ය.


එසේ වූ කල, අප තවදුරටත් මිනිසුන්ගේ කූට උපා මාර්ගවල කපටකම් හා ප්‍රයෝගවලින් ද සකල බොරු ඉගැන්වීම් නැමති සුළඟින් ද ඒ මේ අත ගසාගෙන යන, රළ රැළිවලින් ඈත මෑත විසිවන බාලයින් මෙන් නො වනු ඇත.


එහෙත් සහෝදරයිනි, ආත්මික පුද්ගලයනට මෙන් ඔබ ඇමතිය නො හැකිව, මා ඔබ අමතන්නේ මාංසික මිනිසුනට මෙනි; ක්‍රිස්තුස්වහන්සේ තුළ බිළිඳුනට මෙනි.


මන්ද වරදට පත්කිරීමේ සේවාව, තේජසින් යුතු වී නම්, ධර්මිෂ්ඨකමේ සේවාව, තේජසින් අතිශය වැඩි විය යුත්තේ ය.


මා ළමයකුව සිටියදී, මා කතා කළේ ළමයකු ලෙසිනි; මා සිතුවේ ළමයකු ලෙසිනි; තර්ක කළේ ළමයකු ලෙසිනි. මා මිනිසකු වූ කල, ඒ ළමා ගති මම අත්හැර දැමුවෙමි.


සැබවින් ම මා ඔබට කියන්නේ, යමකු දරුවකු සේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිගන්නේ නැතිනම්, ඔහු එහි ඇතුළු වන්නේ නැතැ” යි පැවසූ සේක.


ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින් මම ඔබට ස්තුති කරමි.


දැනුම් තේරුම් නැති අයට උපදේශකයෙක් ද බාලයනට ගුරුවරයෙක් ද වේ නම්, (මන්ද ඥානයේත්, සත්‍යයේත් මූර්තිය ඔබට ඇත්තේ දහම් නීතිය තුළ ය.)


මන්ද ඒ අයට අචාරකරන්නා ද ඒ අයගේ දුෂ්ටකමට පංගුකාර වන බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්