ෂෙබාහි රැජින සමිඳාණන් වහන්සේගේ නාමයේ හේතුවෙන් සලමොන් රජු ලත් කීර්තිය ගැන අසා දුෂ්කර ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය.
හෙබ්‍රෙව් 5:11 - Sinhala New Revised Version 2018 මේ ගැන බොහෝ දේ කීමට ඇතත් ඔබේ ඇසීමට ඇති ආශාව හීන වී ඇති බැවින්, ඒවා පහදා දීම දුෂ්කර කරුණකි. Sinhala New Revised Version මේ ගැන බොහෝ දේ කීමට ඇතත් ඔබේ ඇසීමට ඇති ආශාව හීන වී ඇති බැවින්, ඒවා පහදා දීම දුෂ්කර කරුණකි. සිංහල කාලීන පරිවර්තනය මේ සම්බන්ධව කියන්නට අපට බොහෝ දෑ ඇතත්, අසන්නට ඔබ අලස බැවින් ඒවා පැහැදිලි කිරීම දුෂ්කර ය. Sinhala Revised Old Version ඒ ගැන බොහෝ දේ කියන්ට අපට ඇත්තේය, නුමුත් නුඹලා ඇසීමට මැළිව සිටින බැවින් ඒවා තේරුම්කරදෙන්ට අමාරුය. |
ෂෙබාහි රැජින සමිඳාණන් වහන්සේගේ නාමයේ හේතුවෙන් සලමොන් රජු ලත් කීර්තිය ගැන අසා දුෂ්කර ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය.
මේ සෙනඟගේ සිත් අඳුරු වනු ඇත; කන් බිහිරි වනු ඇත, ඇස් අන්ධ වනු ඇත. ඒ නිසා ඔවුන්ට සුවය නොලැබෙන ලෙස ඔවුන්ගේ ඇස්වලින් ඔවුන්ට නොපෙනේ; කන්වලින් ඔවුන්ට නො ඇසේ; සිත්වලින් ඔවුන්ට නොවැටහේ.”
මේ සෙනඟගේ සිත් අඳුරු ය; ඔවුන්ගේ කන් වැසී ඇත. ඔවුන්ගේ ඇස් පිය වී ඇත. එසේ නොවී නම්, ඔවුන් ඇසින් බලා, කනින් අසා, සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මම ද ඔවුන් සුවපත් කරමි’ යනු යි.
එවිට උන් වහන්සේ ඔවුන් අමතා, “බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි,
උන් වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිස ය. මන්ද, තමන් කරන්න යන්නේ කුමක් දැ යි උන් වහන්සේ ම දැන සිටි බැවිනි.
මන්ද, මේ සෙනඟගේ සිත් අඳුරු ය, ඔව්හු කන් හොඳට වසා ගෙන, ඇස් පියා ගෙන සිටිති. එසේ කර ඇත්තේ, තමන්ගේ ඇස්වලින් නොදක්නා පිණිසත්, කන්වලින් නොඅසන පිණිසත්, සිතින් තේරුම් ගෙන නොහැරෙන පිණිසත්, මා විසින් ඔවුන් සුව නොකරන පිණිසත් ය.’ ”
ඔබ ගුරුවරුන් විය යුතු කාලය දැන් පැමිණ ඇතත්, දේව පණිවුඩය ‘අ’ යන්නේ පටන් යමෙකු විසින් ඔබට ඉගැන්විය යුතු ව තිබේ. ඉන් අදහස් කරන්නේ, ඔබට ඝන ආහාර නොව කිරි දිය යුතු බව ය.
තවද, මේ කාරණා ගැන ලියන විට, ඔහු තමාගේ හසුන්වල කියන්නේත් මේ දේ ම ය. ඒවායේ තේරුම්ගැනීමට දුෂ්කර සමහර දේ ඇත. නූගත් අස්ථීර අය ශුද්ධ ලියවිල්ලේ සෙසු කොටස්වල මෙන් මේවායේත් අර්ථය නොපිට පෙරළාගනිති. එයින් ඔවුන්ගේ විනාශය සිදු වේ.