Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 5:11 - සිංහල කාලීන පරිවර්තනය

11 මේ සම්බන්ධව කියන්නට අපට බොහෝ දෑ ඇතත්, අසන්නට ඔබ අලස බැවින් ඒවා පැහැදිලි කිරීම දුෂ්කර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මේ ගැන බොහෝ දේ කීමට ඇතත් ඔබේ ඇසීමට ඇති ආශාව හීන වී ඇති බැවින්, ඒවා පහදා දීම දුෂ්කර කරුණකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මේ ගැන බොහෝ දේ කීමට ඇතත් ඔබේ ඇසීමට ඇති ආශාව හීන වී ඇති බැවින්, ඒවා පහදා දීම දුෂ්කර කරුණකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඒ ගැන බොහෝ දේ කියන්ට අපට ඇත්තේය, නුමුත් නුඹලා ඇසීමට මැළිව සිටින බැවින් ඒවා තේරුම්කරදෙන්ට අමාරුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 5:11
12 හුවමාරු යොමු  

මන්ද මේ ජනයාගේ හදවත් දැඩි වී ඇත; තම කන්වලින් ඔවුන් අසන්නේ නැති තරම් ය; තම ඇස් ඔවුන් වසාගෙන ඇත. එසේ නො විණි නම්, ඔවුන් තම ඇස්වලින් බලා, තම කන්වලින් අසා, තම හදවත්වලින් තේරුම් ගෙන, මා වෙත හැරෙන්නට තිබිණි. මා ද ඔවුන් සුව කරන්නට තිබිණි’ යන්නයි.


ඔහු තම ලිපි මඟින් මේ කරුණු ගැන පවසද්දී හැම ලිපියකම ලියන්නේ මේ දේම ය. වටහා ගැන්මට අපහසු ඇතැම් දෑ ඔහුගේ ලිපිවල අඩංගු වෙයි. නූගත්, චපල සිතැත්තෝ අනෙක් ශුද්ධ ලියවිලි මෙන්ම මේවා ද තමන්ගේ විනාශයට විකෘති කොට දක්වති.


මන්ද තමන්ගේ ඇස්වලින් නො දක්නා පිණිස ද, තම කන්වලින් නො අසන පිණිස ද, තමන්ගේ සිත්වලින් වටහා නො ගන්න පිණිස ද, සුවය ලබන්නට මා වෙත නො හැරෙන පිණිස ද, මොවුන්ගේ හදවත් දැඩිව තිබේ. ඔවුහු නො අසන කන් ඇතිව, තම ඇස් පියාගෙන සිටිති’ යනුයි.


“ඔබට කියන්නට තවත් බොහෝ දේ මට තියේ. එහෙත් දැන් ඒවා දරන්නට ඔබට නුපුළුවන.


උන්වහන්සේ එසේ ඇසුවේ ඔහු සෝදිසි කරන අටියෙනි. මන්ද තමන් කරන්නට යන්නේ කුමක්දැයි උන්වහන්සේ දැන සිටි සේක.


එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “අහෝ! බුද්ධි හීන වූත්, දිවැසිවරුන් පැවසූ සියල්ල විශ්වාස කරන්නට ප්‍රමාද වූත් තැනැත්තෙනි,


“තවමත් ඔබට වැටහෙන්නේ නැද්දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.


මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව උත්තම පූජක නිලයට දෙවියන්වහන්සේ විසින් නම් කරනු ලැබීමෙනි.


මේ වන විට ඔබ ගුරුවරුන්ව සිටිය යුතු වුව ද, දෙවියන්වහන්සේගේ කියමන්වල මූලික ප්‍රතිපත්ති ඔබට ඉගැන්විය යුතුව තිබේ. ඔබට ඕනෑ කිරි ය; ඝන ආහාර නො වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්