ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හෙබ්‍රෙව් 3:9 - Sinhala New Revised Version 2018

එහි දී නුඹලාගේ පියවරු සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියා දැක දැකත් මා සෝදිසි කිරීමෙන් පරීක්ෂා කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහි දී නුඹලාගේ පියවරු සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියා දැක දැකත් මා සෝදිසි කිරීමෙන් පරීක්ෂා කළහ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එහිදී ඔබේ පියවරු මා පරීක්ෂා කරමින්, මා සෝදිසි කර, මා කළ ක්‍රියා, හතළිස් වසරක්ම දුටුවහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහිදී නුඹලාගේ පියවරු මා සෝදිසිකර බැලීමෙන් පරීක්ෂාකොට, සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියාවන් දුටුවෝය.

පරිච්ඡේදය බලන්න



හෙබ්‍රෙව් 3:9
17 හුවමාරු යොමු  

එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය. මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය.


‘මා මිසර වැසියන්ට කළ දේ ද, මා නුඹලා රාජාලියෙකුගේ පියාපත් උඩ ගෙනෙන මෙන් මා වෙත නුඹලා උසුලාගෙන පැමිණි අයුරු ද නුඹලා දුටුවහු ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින් මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයාට නුඹ මෙසේ කියන්න, ‘මා ස්වර්ගයේ සිට නුඹලා සමඟ කතා කළ බව නුඹලා දුටුවහු ය.


“තවද, අමෝරිවරුන්ගේ දේශය නුඹ ම හිමි කරගන්න පිණිස මිසර දේශයෙන් මුදා ගෙනවුත් සතළිස් වසක් තිස්සේ පාළුකරය මැදින් නුඹ ගෙන ගියේ මම ය.


නුඹලාගේ දරුපරපුර අවුරුදු හතළිහක් තුළ මේ පාළුකරයේ ඒ මේ අත යමින්, නුඹලාගේ මළකඳන් පසට හැරෙන තෙක්, නුඹලාගේ අවිශ්වාසවන්තකම නිසා දුක් විඳින්නහු ය.


උන් වහන්සේ උත්තර දෙමින්, “යන්න, ඔබ ඇසූ දුටු දෙය ජොහන්ට දන්වන්න; අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරෝ ඇසීම ලබති, මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ.


එහෙත් එලිමස් මැගෝස් යන ග්‍රීක නාමයකින් ද හඳුන්වනු ලැබූ යථෝක්ත ඉන්ද්‍රජාලිකයා ඒ ඇදහිල්ලෙන් දේශාධිපතියා වළක්වන අදහසින්, ඔවුනට විරුද්ධ විය.


මිසරයෙහිදීත්, රතු මුහුදේදීත්, සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි පාළුකරයේදීත්, හාස්කම් ද අරුමපුදුම දේ ද කර ඔවුන් පිටතට ගෙන ගියේත් මේ මෝසෙස් ම ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ කළ සියලු ප්‍රබල ක්‍රියා ඔබේ දෙනෙතින් ඔබ දුටුවහු ය.”


මෝසෙස් මුළු ඉශ්රායෙල් සෙනඟ කැඳවා ඔවුන් අමතා මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මිසර දේශයෙහි ඔබේ ඇස් ඉදිරියෙහි දී පාරාවෝ රජුටත්, ඔහුගේ සියලු නිලධාරීන්ටත්, මුළු රටටත් කළ


බාල්-පෙයොර්හි සිද්ධියට අදාළ ව සමිඳාණන් වහන්සේ කළ දේ ඔබේ දෑසින් ම ඔබ දුටුවහු ය. පෙයොර්හී දී බාල් නම් දෙවියා අනුගාමී වූ සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් වනසා ලූ සේක.


පරෙස්සම් වන්න! ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත්, දිවි ඇති තාක් ඒවා ඔබේ සිතින් පහ වී නොයන පිණිසත්, ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න.


තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න.


ඒ අවුරුදු සතළිස තුළ ඔබ ඇඳ සිටි ඇඳුම් පරණ නො වී ය, ඔබේ පාද ඉදිමුණේ නැත.


ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා මේ සියලු විජාතීන්ට කළ සියල්ල ඔබ දුටුවහු ය; ඔබ උදෙසා යුද්ධ කෙළේ, ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය.


ඔවුන් මට මොරගැසූ කල මම නුඹලාටත්, මිසරවරුන්ටත් අතරේ අන්ධකාරයක් ඇති කර මුහුද ඔවුන් පිටට පමුණුවා ඔවුන් මුහුදුබත් කෙළෙමි. මා මිසරයේ දී කළ දේ නුඹලාගේ ඇස්වලින් ම නුඹලා දුටුවහු ය. නුඹලා කාන්තාරයේ බොහෝ කාලයක් වාසය කළහු ය.


ඉශ්රායෙල් ජනයා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයෙහි ගමන් කළෝ ය. ඒ කාලය තුළ දී මිසරයෙන් පිටත් ව ආ සියලු භට සෙනඟ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් මියගියහ. මෙසේ වූයේ, අපට දෙන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මීපැණියෙන් ඉතිරෙන දේශය දකින්නට ඔවුන්ට ඉඩ නාරින ලෙස උන් වහන්සේ දිවුළ නිසා ය.