තවද, සමිඳාණන් වහන්සේ මම්රේහි ආලෝන අරඹ ළඟ දී ආබ්‍රහම්ට දර්ශනය වූ සේක. ඔහු දවාලේ තද අවුරස්නය ඇති වේලාවේ කූඩාරමේ දොරකඩ වාඩි වී සිටියේ ය.
හෙබ්‍රෙව් 13:2 - Sinhala New Revised Version 2018 ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ. Sinhala New Revised Version ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ. සිංහල කාලීන පරිවර්තනය ආගන්තුක සත්කාරය අතපසු නො කරන්න. එසේ කිරීමෙන් ඇතමුන් නො දැනම දේව දූතයින්ට සංග්‍රහ කර ඇත. Sinhala Revised Old Version ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය. |
තවද, සමිඳාණන් වහන්සේ මම්රේහි ආලෝන අරඹ ළඟ දී ආබ්‍රහම්ට දර්ශනය වූ සේක. ඔහු දවාලේ තද අවුරස්නය ඇති වේලාවේ කූඩාරමේ දොරකඩ වාඩි වී සිටියේ ය.
දූතයන් දෙදෙනා සවස් කාලයේ සොදොම් නුවරට පැමිණි විට නුවර වාසල් දොරකඩ ලොත් වාඩි වී සිටියේ ය. ලොත් ඔවුන් දුටු විට, නැඟිට ඔවුන් හමු වීමට ගොස්, හිස නමා වැඳ,
එක් දවසක් එලිෂා ෂුනෙම් නම් දේශයට ගියේ ය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් කෑම කන්න ඔහුට පෙරැත්ත කළා ය. මෙසේ ඔහු යන එන සෑම විට ම කෑම කන පිණිස එහි නැවතිණි.
සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ.
නුඹලා අතර වාසය කරන විදේශිකයා සැලකිය යුත්තේ, නුඹලා අතර උපන් කෙනෙකු මෙන් ය. නුඹලා නුඹලාට ප්‍රේම කරන ලෙස ම ඔහුට ද ප්‍රේම කළ යුතු ය. මිසර දේශයේ දී නුඹලා විදේශිකයන් මෙන් සිටි බව සිහි කරන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න දුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න දුන්නහු ය. ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට පිළිගත්තහු ය.
එවිට රජ්ජුරුවන් වහන්සේ උත්තර දෙමින්, ‘සැබැවින් ම මම ඔබට කියමි, මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා ම සුළු තැනැන්තාට වුව ද ඔබ එසේ කළා නම් එය කෙළේ මට යැ’යි වදාරන සේක.
ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට නොපිළිගත්තහු ය. වස්ත්‍ර නැති ව සිටියෙමි; ඔබ මට වස්ත්‍ර නුදුන්නහු ය. රෝගාතුර ව සිටියෙමි; හිරගෙදර ද සිටියෙමි; ඔබ මා බලන්න ආවේ නැතැ’යි වදාරන සේක.
ඈ ද ඇගේ ගෙයි වැසියන් ද බව්තීස්ම-ස්නාපනය ලැබූ පසු, ඈ කතා කොට, “මම සැබැවින් ම සමිඳාණන් වහන්සේ අදහන කෙනෙකැ යි ඔබ පිළිගන්නවා නම්, මාගේ ගෙදරට අවුත් එහි නැවතුණ මැනවැ”යි අපෙන් උදක් ම ඉල්ලා, අප කැමැති කරවා ගත්තා ය.
මට ද මුළු සභාවට ද ආගන්තුක සත්කාරය කරන ගායස් ඔබ වෙත ඔහුගේ ආචාරය එවයි. නගර භාණ්ඩාගාරික තැන්පත් එරස්තස් ද සහෝදර ක්වර්තස් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාර එවති.
එහෙයින් සභා නායක තෙමේ නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද, තැන්පත්, සන්සුන්, ආචාර සම්පන්න, ආගන්තුක සත්කාරයට කැමැති, උගන්වන්නට සමර්ථ තැනැත්තෙකු ද විය යුතු යි.
ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ධියක් දරන තැනැත්තියක් විය යුතු යි.
ආගන්තුක සත්කාරයට ළැදි, යහපතට ප්‍රිය කරන, ශාන්තදාන්ත, දැහැමි, ශුද්ධ, දැමුණු ඉඳුරන් ඇති තැනැත්තෙකු විය යුතු ය.
මාගේ හිත මිතුර, මේ සහෝදරයන් අමුත්තන් වුව ද ඔවුන්ට ඔබ කළ හැම සත්කාරයකින් ම ඔබේ විශ්වාසවන්තකම පෙනේ.