යෙසායා 58:7 - Sinhala New Revised Version 20187 සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 බඩගිනි ඇත්තන්ට නුඹේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, නුඹේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද? පරිච්ඡේදය බලන්න |
එවිට නම් සඳහන් කොට පත් කරන ලද මනුෂ්‍යයෝ නැඟිට, අසුවුණ අය කැඳවාගෙන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍ර දී, ඔවුන්ට හඳවා, ඔවුන්ට වහන් ද කෑම බීම ද දී, තෙල් ගා, බෙලහීන ව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවර වූ ජෙරිකෝවේ ඔවුන්ගේ සහෝදරයන් වෙත ගෙනවුත්, පසු ව සමාරියට හැරී ගියෝ ය.
ඉතින් අපේ ශාරීරික වුවමනා අපේ සහෝදරයන්ගේ වුවමනාවලට සමාන නොවේ ද? අපේ දරුවෝ ඔවුන්ගේ දරුවන්ට සමාන නොවෙත් ද? එහෙත්, අපේ පුත්‍රයන් ද දූවරුන් ද දාසකමට දෙන්නට අපට සිදු වී ඇත. අපේ දූවරුන්ගෙන් සමහරෙක් දැනට ම දාසකමට පත් ව සිටිති. අපට කරකියාගන්නට දෙයක් නැත. කුමක් නිසා ද අපේ බිම් ද මිදි වතු ද අනුන්ට අයිති වී තිබේ ය”යි කීවෝ ය.