එක් දවසක් එලිෂා ෂුනෙම් නම් දේශයට ගියේ ය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් කෑම කන්න ඔහුට පෙරැත්ත කළා ය. මෙසේ ඔහු යන එන සෑම විට ම කෑම කන පිණිස එහි නැවතිණි.
හිතෝපදේශ 7:21 - Sinhala New Revised Version 2018 ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමැති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගන්නී ය. Sinhala New Revised Version ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමැති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගන්නී ය. Sinhala Revised Old Version ඇගේ බොහෝ මිහිරි කථාවලින් ඔහු කැමැතිකරවා, ඇගේ තොල්වල ඉච්චාවෙන් ඔහු ඇදගනයයි. |
එක් දවසක් එලිෂා ෂුනෙම් නම් දේශයට ගියේ ය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් කෑම කන්න ඔහුට පෙරැත්ත කළා ය. මෙසේ ඔහු යන එන සෑම විට ම කෑම කන පිණිස එහි නැවතිණි.
ඔව්හු මේ අයුරින් සතර වරක් ආරාධනා කර එවූ හ. මමත් ඒ අයුරින් ම ඔවුන්ට පිළිතුරු යැව්වෙමි.
එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව, ‘යි කී ය.
එවිට ඔව්හු: “දවස ගෙවී සවස් වේගන එන බැවින්, අප සමඟ නතර වුව මැනවැ”යි උන් වහන්සේට පෙරැත්ත කළහ. උන් වහන්සේ ඔවුන් සමඟ නතර වීමට ගෙට ඇතුළු වූ සේක.
ඈ ද ඇගේ ගෙයි වැසියන් ද බව්තීස්ම-ස්නාපනය ලැබූ පසු, ඈ කතා කොට, “මම සැබැවින් ම සමිඳාණන් වහන්සේ අදහන කෙනෙකැ යි ඔබ පිළිගන්නවා නම්, මාගේ ගෙදරට අවුත් එහි නැවතුණ මැනවැ”යි අපෙන් උදක් ම ඉල්ලා, අප කැමැති කරවා ගත්තා ය.
සියල්ලන් උදෙසා එක් කෙනෙකු මළ නිසා, සියල්ලෝ ම මළහ යි අප නිගමනය කරන බැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි.
ඔවුන්ගේ මංගල්‍ය පැවති සත් දවස මුළුල්ලේ ම ඈ ඔහුගේ ගෙල බදාගෙන හැඬුවා ය. ඈ ඔහුට පෙරැත්ත කළ බැවින් ඔහු සත් වන දවසේ දී තේරුම ඈට කී ය. ඈ ද ඇගේ රට වැසියන්ට ඒ තේරුම කීවා ය.
එහෙත්, සාවුල් අකමැති ව, “මම නොකමි”යි කී ය. කෙසේ වෙතත් ඔහුගේ සේවකයෝ ද ඒ ස්ත්‍රිය ද ඔහුට පෙරැත්ත කළ නිසා ඔහු ඔවුන්ගේ කීමට ඇහුම්කන් දී බිමින් නැඟිට ඇඳේ හිඳගත්තේ ය.