රජුන් සමඟ කූඩාරම්වල මත්පැන් පානය කරමින් සිටි බෙන්-හදද් ඒ කීම ඇසූ විට, “සටනට සැරසෙන්නැ”යි සිය සේවකයන්ට කීවේ ය. ඔව්හු ද නගරයට විරුද්ධ ව සැරසී සිටගත්හ.
හිතෝපදේශ 31:5 - Sinhala New Revised Version 2018 සුරාමතින් වෙරි වී ඔව්හු සමහර විට නීතිය අමතක කරති: පීඩිතයන්ගේ නඩු අවනඩු කරති. Sinhala New Revised Version සුරාමතින් වෙරි වී ඔව්හු සමහර විට නීතිය අමතක කරති: පීඩිතයන්ගේ නඩු අවනඩු කරති. Sinhala Revised Old Version බීවොත් ඔව්හු සමහරවිට නීතිය සිහිනැතිකොට අසරණයන්ගේ නඩුව පෙරළන්නෝය. |
රජුන් සමඟ කූඩාරම්වල මත්පැන් පානය කරමින් සිටි බෙන්-හදද් ඒ කීම ඇසූ විට, “සටනට සැරසෙන්නැ”යි සිය සේවකයන්ට කීවේ ය. ඔව්හු ද නගරයට විරුද්ධ ව සැරසී සිටගත්හ.
“නුඹ සහ නුඹ සමඟ නුඹේ පුත්‍රයන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට මුද්‍රික පානය හෝ මත් පැන් හෝ පානය නොකරන්න. එසේ කළොත් නුඹ මැරෙන්නට පුළුවන. මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.
වස්තුව රවටන සුලු ය. පාතාලය මෙන් කට අයාගත් තෘෂ්ණාව ඇත; මරණය මෙන් තෘප්තියක් නොලබන, සියලු ජාතීන් තම ආශාව සඳහා රැස් කරන්නාවූ සියලු මිනිසුන් තම වාසියට හරවාගන්නාවූ මිනිසා අහංකාරී නොසංසුන් කෙනෙකි.
ඔවුන් අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතු ය. ඔවුන් මිනිසුන්ගේ තරාතිරම් නොබැලිය යුතු ය. අල්ලස් නොගත යුතු ය. අල්ලස් ගැනීමෙන් පැණවතුන්ගේ නෙත් අඳුරු වේ; දමිටුන්ගේ වචන පවා නොපිටට පෙරළේ.