ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 31:27 - Sinhala New Revised Version 2018

ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි; පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි; පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඈ අලසකමේ කෑම නොකා ඇගේ පවුලේ කාරණා බලාගනියි.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 31:27
8 හුවමාරු යොමු  

නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය; අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.


කුසීතකම බර නින්දට පමුණුවයි. කම්මැළියා සාගින්නෙන් පෙළෙයි.


ඈ වෙළඳ නැවක් මෙනි, ඇගේ ආහාර දුරකතරින් ගෙන්වාගනියි.


ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි.


ඔබට අප කලින් අවවාද කළ පරිදි, උපශාන්ත ජීවිතයක් ගත කිරීමටත්, තම තමාගේ කාරණා බලාගැනීමටත්, දහඩිය මහන්සියෙන් ජීවිකාව කර ගැනීමටත් අරමුණු කරගන්න.


තවද, සහෝදරවරුනි, අපෙන් ලැබූ උපදෙස් අනුව නොව, අලසකමින් හැසිරෙන සියලු සහෝදරයන්ගෙන් වෙන් ව සිටින මෙන් අපගේ ජේසුස් ක්‍රිස්තුස් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරමු.


ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ධියක් දරන තැනැත්තියක් විය යුතු යි.


මෙසේ විය යුතු වන්නේ, දේව වචනයට අපහාසයක් නොවන පිණිස, සිය පුරුෂයන්ටත්, දරුවන්ටත් ප්‍රේම කරමින්,