හිතෝපදේශ 31:23 - Sinhala New Revised Version 2018 ඇගේ සැමියා ප්‍රජා මූලිකයන් අතර අසුන්ගනියි; නගර වැසියන්ගෙන් ගරු බුහුමන් ලබයි. Sinhala New Revised Version ඇගේ සැමියා ප්‍රජා මූලිකයන් අතර අසුන්ගනියි; නගර වැසියන්ගෙන් ගරු බුහුමන් ලබයි. Sinhala Revised Old Version ඇගේ පුරුෂයා දේශයේ වැඩිමහල්ලන් සමඟ දොරටුවල ඉඳගන්නා කල සලකනු ලබන්නේය. |
ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි; එහෙත් ඔහුට අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටුවලට පිළිකාවකි.
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන සෑම නගරයක් තුළ ම, ගෝත්‍රයක් ගෝත්‍රයක් පාසා විනිශ්චයකාරයන් සහ නිලධාරීන් පත් කළ යුතු ය. ඔවුන් ද සාධාරණ ලෙස සෙනඟ විනිශ්චය කළ යුතු ය.
බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේ ය. නොබෝ වේලාවකින්, ඔහු කලින් සඳහන් කළ එලිමෙලෙක්ගේ කිට්ටු නෑයා එතැනට පැමිණියේ ය. බෝවස් ඔහුගේ නම කියා අමතමින්, “මිත්‍රය, මෙහි අවුත් වාඩිවන්නැ”යි ඔහුට කී ය. ඔහු එහි ගොස් වාඩි විය.
“ඔව්, අපි සාක්ෂිකාරයෝ ය”යි එතැන සිටි සෙනඟ කී හ. ප්‍රජා මූලිකයෝ මෙසේ කී හ: “ඔබේ ගෙදරට පැමිණෙන මේ ස්ත්‍රිය, ඉශ්රායෙල් වංශය ගොඩනැඟුව රාකෙල් සහ ලෙයා මෙන් වේ වා! ඔබ එප්‍රාතාහි බලවත් වේ වා! බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේ වා!