ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 31:10 - Sinhala New Revised Version 2018

කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද? ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද? ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ගුණවත් ස්ත්‍රියෙක් කාට සම්බවේද? ඇගේ අගය රතුකැටවලට වඩා වැඩිය.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 31:10
14 හුවමාරු යොමු  

රතු කැට හෝ පළිඟු හෝ සඳහන් කරන්නට වත් උවමනාවක් නැත. ප්‍රඥාව මුතුවලට වඩා අගනේ ය.


ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි; එහෙත් ඔහුට අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටුවලට පිළිකාවකි.


නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය; අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.


බිරිඳක සොයා ගන්නා යහපතක් සොයා ගනී; දෙවිඳුන්ගෙන් ලත් ප්‍රසාදයකි.


ගෙවතු හා වස්තුව පියාගෙන් ලැබෙන උරුමයකි; නුවණින් ක්‍රියා කරන බිරිඳ දෙවි තුම දෙන දීමනාවකි.


ලොවෙහි රන්මුතු කොතරම් ඇතත් නැණවත් කියමන දුර්ලභ මැණිකකි.


ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය; ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය.


සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි. ඔහුට සැප සම්පතින් අඩුවක් නැත.


මන්ද, ප්‍රඥාව රතු කැටවලට වඩා අගනේ ය; ඊට සම කළ හැකි මිණිමුතු කිසිත් නැත.


මට තවමත් සොයාගත නොහැකි වූ, මාගේ බුද්ධිය තවමත් විමසමින් සිටින කාරණයක් ඇත. දහසක් අතර ගරු කටයුතු එක මිනිසෙකු මට සම්බ වූ නමුත්, දහසක් අතර එවැනි ස්ත්‍රියක් නම්, මට සම්බ නොවූවා ය.


දැන් ඔබ කිසිවකට බිය වන්න උවමනා නැත. ඔබ ගුණවත් ස්ත්‍රියක බව නගරයේ හැම දෙනෙක් ම දනිති. ඔබ ඉල්ලන කුමන දෙයක් වුවත් කරන්න මම සූදානම් ය.


ඒ මිනිසාගේ නම නාබල් ය; ඔහුගේ බිරිඳගේ නම අබිගායිල් ය. ඒ ස්ත්‍රිය බුද්ධිමත් රූමත් කාන්තාවක් වූවා ය. එහෙත්, ඇගේ පුරුෂයා තිරිසන් ගති ඇති නපුරු කෙනෙක් විය. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.