හිතෝපදේශ 30:22 - Sinhala New Revised Version 2018 එනම්, සේවකයෙකු රජ වීම ද මෝඩයෙකුට කෑම බීම බහුල වීම ද Sinhala New Revised Version එනම්, සේවකයෙකු රජ වීම ද මෝඩයෙකුට කෑම බීම බහුල වීම ද Sinhala Revised Old Version එනම්, රජබවට පැමිණෙන සේවකයෙක්ය; කෑමෙන් තෘප්තියට පැමිණියාවූ මෝඩයෙක්ය; |
සිය ධන සම්පත කර්මෙල්හි ඇති මිනිසෙක් මායොන්හි සිටියේ ය. ඔහු ධනකුවේරයෙකි; ඔහුට බැටළුවෝ තුන්දහසක් ද එළුවෝ දහසක් ද සිටියෝ ය. ඔහු කර්මෙල්හි තම බැටළුවන්ගේ ලොම් කප්පමින් සිටියේ ය.
මාගේ ස්වාමීනි, නාබල් නම් ඒ දුර්ජන මිනිසා ගැන නොසැලකුව මැනව. ඔහුගේ නාමය යම් සේ ද, ඔහුගේ ගතියත් එසේ ම ය; ඔහුගේ නම නාබල් ය. එහි තේරුම අනුව ඔහු තිරිසනෙකි; මාගේ ස්වාමීන් වන ඔබ විසින් එවන ලද තරුණයන් ඔබේ මෙහෙකාරී වන මම නුදුටිමි.
ඒ මිනිසාගේ නම නාබල් ය; ඔහුගේ බිරිඳගේ නම අබිගායිල් ය. ඒ ස්ත්‍රිය බුද්ධිමත් රූමත් කාන්තාවක් වූවා ය. එහෙත්, ඇගේ පුරුෂයා තිරිසන් ගති ඇති නපුරු කෙනෙක් විය. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.
ඔහු දාවිත් ඒ ස්ථානයට පැමිණෙව්වේ ය. එවිට ඔවුන් පිලිස්තිවරුන්ගේ දේශයෙනුත්, ජුදා දේශයෙනුත් ගත් ඉමහත් කොල්ලය කමින්, බොමින්, නටමින් සෑම තැන ම විසිරී සිටියහ.