Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 30:22 - Sinhala Revised Old Version

22 එනම්, රජබවට පැමිණෙන සේවකයෙක්ය; කෑමෙන් තෘප්තියට පැමිණියාවූ මෝඩයෙක්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එනම්, සේවකයෙකු රජ වීම ද මෝඩයෙකුට කෑම බීම බහුල වීම ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එනම්, සේවකයෙකු රජ වීම ද මෝඩයෙකුට කෑම බීම බහුල වීම ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 30:22
12 හුවමාරු යොමු  

සැප ජීවිකාව අඥානයෙකුට නොහොබනේය; ඊට වඩා, මෙහෙකරුවෙක් අධිපතීන් කෙරෙහි ආණ්ඩුකිරීම නොහොබනේය.


වැඩකාරයන් අශ්වයන් පිට යනවාත් අධිපතීන් වැඩකාරයන් මෙන් පයින් යනවාත් දුටිමි.


දුප්පතුන්ට පීඩාකරන දිළිඳු මනුෂ්‍යයෙක් කෑම ඉතිරි නොවන ලෙස ගහගෙන යන වැස්සක් මෙන්ය.


තවද ඔහු විසින් ඒ ස්ථානයට ඔහු පැමිණෙවු විට ඔවුන් පිලිස්තිවරුන්ගේ දේශයෙනුත් යූදා දේශයෙනුත් ගත්තාවූ මහත්වූ මුළු කොල්ලය නිසා කමින් බොමින් නටමින් බිම මුළුල්ලෙහිම විසිර සිටියෝය.


මාගේ ස්වාමිනි, ඒ දුර්ජන මනුෂ්‍යයාවූ නාබල් ගැන නොසැලකුව මැනවි. ඔහුගේ නාමය යම්සේද ඔහුගේ ගතියත් එසේමය; ඔහුගේ නම නාබල්ය, මෝඩකම ඔහු තුළ තිබේ. එහෙත් ඔබගේ මෙහෙකාරීවූ මම මාගේ ස්වාමිවූ ඔබ විසින් එවූ යෞවනයන් නුදුටිමි.


ඒ මනුෂ්‍යයාගේ නම නාබල්ය; ඔහුගේ භාර්යාවගේ නම අබීගායිල්ය. ඒ ස්ත්‍රී වනාහි බුද්ධිමත්, රූප ශෝභාව ඇති තැනැත්තියක් වූවාය. එහෙත් ඒ මනුෂ්‍යයා ක්‍රියාවලින් කර්කශවූ නපුරු වූ කෙනෙකි. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.


කාරණා තුනකට පොළොව චංචල වෙයි, ඊට දරන්ට බැරි සතරක්ද තිබේ.


ආශා නූපදවන විවාහවූ ස්ත්‍රියක්ය; ස්වාමිදුවට උරුමක්කාරිය වෙන දාසියක්ය යන මේවාය.


ඒ මනුෂ්‍යයා මහත් ධනවතෙක්ය, ඔහුට බැටළුවන් තුන්දහසක්ද එළුවන් දහසක්ද සිටියෝය. ඔහු වනාහි කර්මෙල්හි තමාගේ බැටළුවන්ගේ ලොම් කප්පවමින් සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්