Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 25:2 - Sinhala New Revised Version 2018

2 සිය ධන සම්පත කර්මෙල්හි ඇති මිනිසෙක් මායොන්හි සිටියේ ය. ඔහු ධනකුවේරයෙකි; ඔහුට බැටළුවෝ තුන්දහසක් ද එළුවෝ දහසක් ද සිටියෝ ය. ඔහු කර්මෙල්හි තම බැටළුවන්ගේ ලොම් කප්පමින් සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 සිය ධන සම්පත කර්මෙල්හි ඇති මිනිසෙක් මායොන්හි සිටියේ ය. ඔහු ධනකුවේරයෙකි; ඔහුට බැටළුවෝ තුන්දහසක් ද එළුවෝ දහසක් ද සිටියෝ ය. ඔහු කර්මෙල්හි තම බැටළුවන්ගේ ලොම් කප්පමින් සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ඒ මනුෂ්‍යයා මහත් ධනවතෙක්ය, ඔහුට බැටළුවන් තුන්දහසක්ද එළුවන් දහසක්ද සිටියෝය. ඔහු වනාහි කර්මෙල්හි තමාගේ බැටළුවන්ගේ ලොම් කප්පවමින් සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 25:2
17 හුවමාරු යොමු  

ශිප් වැසියෝ පිටත් ව සාවුල්ට පළමුවෙන් සිය නගරයට ගියහ. එහෙත්, දාවිත් සහ ඔහුගේ සෙනඟ පාළුකරයට දකුණු දිගින් අරබා සම භූමියෙහි තිබෙන මායොන් පාළුකරයෙහි සිටියහ.


මායොන් ද කර්මෙල් ද ශිප් ද ජුතා ද


“ඔබේ මාමණ්ඩි ඔහුගේ බැටළුවන්ගේ ලොම් කපන පිණිස තිම්නාට යන්නේ ය” කියා තාමාර්ට දන්වන ලදින්,


මෙසේ සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ මුල් කාලයට වඩා අවසාන කාලයට ආශීර්වාද කළ සේක. බැටළුවන් දහහතර දහසක් ද ඔටුවන් හයදහසක් ද ගොන්බාන් දහසක් ද කොටළු දෙනුන් දහසක් ද ඔහුට සිටියෝ ය.


සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය.


බර්ශිල්ලයි අසූ අවුරුද්දක් වයස් වූ මහලු කෙනෙකු ව සිටියේ ය. ඔහු රජු මහනයිම්හි සිටි කල ඔහුට කන බොන දේ සපයා දුන්නේ ය. ඔහු ඉතා පොහොසත් මනුෂ්‍යයෙක් ය.


දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අභිනොවම් ද කර්මෙලීය නාබල්ගේ භාර්යාව වී සිටි අබිගායිල් ද වහල්කමට ගෙනයනු ලැබූ හ.


ඔහු ද ධනවෙතකු මෙන් සමෘද්ධ වී, මහා බලවෙතකු බවට පත් විය.


ආබ්‍රම් ගවමහිෂයන්ගෙන් හා රන් රිදීයෙන් ඉතා ධනවතෙක් විය.


ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව. දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත. ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව; ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව.


සාමුවෙල් සාවුල් හමු වන පිණිස පසු දින උදේ ම නැඟිට ගියේ ය. “සාවුල් කර්මෙල් කන්දට පැමිණ එහි තමාගේ නමින් ජයස්ථම්භයක් පිහිටුවා එතැනින් පිටත් වී ගිල්ගාල් බලා නික්ම ගියේ ය”යි සාමුවෙල්ට දන්වන ලද්දේ ය.


ලාබන් තමාගේ බැටළුවන්ගේ ලෝම කපන්නට ගොස් සිටිය දී රාකෙල් තම පියාට අයිති කුල දේවතා රූප සොරා ගත්තා ය.


එළු දෙනුන් දෙසියයක් ද එළුවන් විස්සක් ද බැටළු දෙනුන් දෙසියයක් ද බැටළුවන් විස්සක් ද


එනම්, සේවකයෙකු රජ වීම ද මෝඩයෙකුට කෑම බීම බහුල වීම ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්