කුසෙහි මා මැවූ දෙවිඳාණෝ ඔවුනුත් නොමැවූ සේක් ද? මවු ගැබෙහි අප මැව්වේ එක ම දෙවි තුමාණෝ නොවන සේක් ද?
හිතෝපදේශ 22:2 - Sinhala New Revised Version 2018 සමිඳුන් අබියස පොහොසතා හා දුප්පතා අතර වෙනසක් නැත, සමිඳාණන් ඒ දෙදෙන ම මැවූ බැවිනි. Sinhala New Revised Version සමිඳුන් අබියස පොහොසතා හා දුප්පතා අතර වෙනසක් නැත, සමිඳාණන් ඒ දෙදෙන ම මැවූ බැවිනි. Sinhala Revised Old Version පොහොසතාද දුප්පතාද සම්මුඛවෙති; ඔවුන් සියල්ලන්ගේ මැවුම්කාරයා ස්වාමීන්වහන්සේය. |
කුසෙහි මා මැවූ දෙවිඳාණෝ ඔවුනුත් නොමැවූ සේක් ද? මවු ගැබෙහි අප මැව්වේ එක ම දෙවි තුමාණෝ නොවන සේක් ද?
අධිපතීන්ගේ තරාතිරම් නොබලන, දිළිඳාට වඩා ධනවතාට කරුණාව නොදක්වන දෙවිඳුන් පිට ඔබ වරද තබන්නෙහි ද? ඒ හැම දෙන ම මැවූයේ දෙවි තුමාණෝ ය.
දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි; දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි.
දිළින්දා හා ඔහු පෙළන අය අතර එක පොදු දෙයක් ඇත, ඒ දෙදෙනාට ම සෙත උදාවෙන්නේ සමිඳුන්ගෙනි.
ඒ නිසා “නුඹ මට ඕනෑ නැතැ”යි අත අමතා ඇසට වත්, “නුඹලා මට ඕනෑ නැතැ”යි පා අමතා හිසට වත් කීමට නොහැකි ය.