ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 20:10 - Sinhala New Revised Version 2018

දෙයාකාර තරාදි ද දෙයාකාර කලන් පඩි ද ඇත. ඒවා සමිඳුන් හට පිළිකුලකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දෙයාකාර තරාදි ද දෙයාකාර කලන් පඩි ද ඇත. ඒවා සමිඳුන් හට පිළිකුලකි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ද්වීප්‍රකාර කළන්පඩිද ද්වීප්‍රකාර මිමිද යන දෙවගේම ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 20:10
10 හුවමාරු යොමු  

හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි; හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි.


තුලා සහ තරාදි හරි ව තිබීම දෙවි තුමන්ගේ කැමැත්ත ය, හරි පඩි භාවිතය එතුමන්ගේ අදහස ය.


දෙයාකාර කලන් පඩි සමිඳුන්ට පිළිකුලකි, හොර තරාදි සුදුසු නැත.


“යමක දිග පළල, යමක බර, යමක ප්‍රමාණය තීරණය කිරීමේ දී නුඹලා අසාධාරණ ව ක්‍රියා නොකළ යුතු ය.


නුඹලා භාවිතා කළ යුත්තේ හරි තරාදි ද හරි පඩි ද නියම ද්‍රව, ද්‍රව්‍ය මිමි ද ආදිය ය. මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.