Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 19:35 - Sinhala New Revised Version 2018

35 “යමක දිග පළල, යමක බර, යමක ප්‍රමාණය තීරණය කිරීමේ දී නුඹලා අසාධාරණ ව ක්‍රියා නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 “යමක දිග පළල, යමක බර, යමක ප්‍රමාණය තීරණය කිරීමේ දී නුඹලා අසාධාරණ ව ක්‍රියා නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 විනිශ්චයයෙන්වත් මනින දණ්ඩෙන්වත් කිරුමෙන්වත් මැනීමෙන්වත් අධර්මිෂ්ඨකම් නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 19:35
12 හුවමාරු යොමු  

හරි කිරුම් පඩි ද හරි මනින මිමි ද ඔබ ළඟ තබාගත යුතු ය. මෙසේ කළහොත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයේ දී ඔබට දීර්ඝායුෂ ලැබෙන්නේ ය.


“බර එකක් සහ සැහැල්ලු එකක් වශයෙන් විවිධ හොර කිරුම් පඩි ඔබේ මල්ලේ තබා නොගත යුතු ය.


ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්ට විරුද්ධ ව නඟන චෝදනාවට සවන් දෙන්න. නැඟිට ඔබේ නඩුව කඳු ඉදිරියේ කියා සිටින්න. ඔබ කියන දේ කඳුවලට ඇසේ වා!


දෙයාකාර තරාදි ද දෙයාකාර කලන් පඩි ද ඇත. ඒවා සමිඳුන් හට පිළිකුලකි.


තුලා සහ තරාදි හරි ව තිබීම දෙවි තුමන්ගේ කැමැත්ත ය, හරි පඩි භාවිතය එතුමන්ගේ අදහස ය.


හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි; හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි.


“නඩු තීන්දුවක් දෙන විට සාධාරණ ව සිටිය යුතු ය. දිළින්දාගේ පහත් තත්ත්වය වත්, බලවතාගේ උසස් තත්ත්වය වත් නොසලකා, සාධාරණ ලෙස නුඹේ අසල්වැසියා විනිශ්චය කළ යුතු ය.


ආහාර පූජාවටත්, මුහුන් නැති පූපවලටත් ඇතිළියටත්, පොඟවන ඒවාටත් ඕනෑ කරන සිහින් පිටි ද සියලු ආකාර මිමි ද මැනීම් ද බලාගැනීමත්,


“හරි තරාදි ද හරි කිරුම් පඩි ද හරි මිම්මක් ද නුඹලාට තිබේ වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්