එක් කෙනෙක් පලා එකතු කරන්නට කෙතට ගොස්, වල් කැකිරි වැලක් සම්බ වී, එයින් ගෙඩි කඩා ගෙන තමාගේ ඔඩොක්කුව පුරවාගන අවුත්, ඒවා කෑලි කොට කපා කෑම සැළියේ දැමී ය. එහෙත්, ඔව්හු, “ඒ මොනවා දැ”යි නොදත්හ.
හිතෝපදේශ 19:2 - Sinhala New Revised Version 2018 දැනුමෙන් තොර උද්‍යෝගය හොඳ නැත, ඉක්මන් වීමෙන් කරදර ඇති වේ. Sinhala New Revised Version දැනුමෙන් තොර උද්‍යෝගය හොඳ නැත, ඉක්මන් වීමෙන් කරදර ඇති වේ. Sinhala Revised Old Version දැනගැන්ම නැතිව සිටීම ආත්මයට හොඳ නැත; තමාගේ පාදවලින් ඉක්මන්වෙන්නා වරදට වැටෙන්නේය. |
එක් කෙනෙක් පලා එකතු කරන්නට කෙතට ගොස්, වල් කැකිරි වැලක් සම්බ වී, එයින් ගෙඩි කඩා ගෙන තමාගේ ඔඩොක්කුව පුරවාගන අවුත්, ඒවා කෑලි කොට කපා කෑම සැළියේ දැමී ය. එහෙත්, ඔව්හු, “ඒ මොනවා දැ”යි නොදත්හ.
හිතා මතා, ක්‍රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය; ඉක්මන්කාර මිනිසාට දිළිඳුකම සිකුරු ය.
ඔබ දුටු යමක් ගැන ඉක්මන් වී උසාවි නොයන්න; වෙන සාක්ෂිකරුවෙකු ඔබ නිරුත්තර කළොත් කුමක් කරන්න ද?
තවද, ධර්මදේශකයා ප්‍රඥාවත් ව සිටි නිසා ඔහු සෙනඟට වැඩි වැඩියෙන් දැනීම දුන්නේ ය. එසේ ය, ඔහු බොහෝ අවවාදානුශාසනා විමසා සොයාගෙන, ඒවා සම්පාදනය කෙළේ ය.
ගස්වල අතු වියළී කැඩී ගොස් ඇත. ස්ත්‍රීහු ඒවා දරට එකතු කරති. සෙනඟ කිසිවක් තේරුම්ගෙන නැති නිසා, ඔවුන්ගේ මැවුම්කාර දෙවිඳුන් ඔවුන්ට අනුකම්පා කරන්නේ වත්, දයාවපාන්නේ වත් නැත.
ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: “තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සියොන්හි තබන්නෙමි. එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි. එහි මේ වචන කොටා ඇත: ‘තිර ඇදහිල්ල ඇත්තෝ නොසැලෙති.’
මා ගැන දැනුමක් නැති බැවින් මාගේ සෙනඟ විනාශ වී යති. මා ගැන දැනුම ද දේවාඥා ද ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් මට පූජකයන් මෙන් සේවය කිරීමෙහි ලා නුඹලා ද නුඹලාගේ දරුවන් ද මම ප්‍රතික්ෂේප කරමි.
දෙවියන් වහන්සේට අධික ලැදියාවක් ඔවුන් තුළ ඇති බවට මම සාක්ෂි දරමි; එහෙත් එය හරි පැහැදීමක් නැති ලැදියාවකි.
ඔබ උදෙසා මාගේ යාච්ඤාව මේ ය: විශිෂ්ටතම දේවල් වටහාගැනීමට හැකි වන පිණිස, දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් ඔබගේ ප්‍රේමය බොහෝසෙයින් වර්ධනය වේ වා.