එහෙත්, සෙනඟ ඔහුට කිසි උත්තරයක් නො දී නිශ්ශබ්ද ව සිටියෝ ය. මන්ද, “ඔහුට උත්තර දෙන්න එපා ය”යි රජුගේ ආඥාවක් පනවා තිබිණි.
හිතෝපදේශ 11:12 - Sinhala New Revised Version 2018 සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි; එහෙත් නුවණැත්තා නිහඬ ව සිටියි. Sinhala New Revised Version සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි; එහෙත් නුවණැත්තා නිහඬ ව සිටියි. Sinhala Revised Old Version තමාගේ අසල්වාසියා හෙළාදකින්නා නුවණ නැත්තෙකි; එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා නිශ්ශබ්දව සිටියි. |
එහෙත්, සෙනඟ ඔහුට කිසි උත්තරයක් නො දී නිශ්ශබ්ද ව සිටියෝ ය. මන්ද, “ඔහුට උත්තර දෙන්න එපා ය”යි රජුගේ ආඥාවක් පනවා තිබිණි.
තමා ධර්මිෂ්ඨ යයි සිතමින්, අන් හැම දෙන හෙළා දුටු ඇතැම් අයට උන් වහන්සේ මේ උපමාව ද වදාළ සේක.
උන් වහන්සේට නින්දා කරනු ලැබූ කල, නින්දා නොකළ සේක. වද වින්ද කල තර්ජනය නොකර, දැහැමි ලෙස විනිශ්චය කරන තැනැන් වහන්සේට තමන් ම භාර දුන් සේක.
එවිට ශෙබුල් ඔහුට පිළිතුරු දෙමින්, “ ‘අප විසින් සේවය කරනු ලැබීමට අබිමෙලෙක් කවරෙක් දැ’යි කීවාවූ ඔබේ කට දැන් කොහේ ද? මේ ඔබ විසින් හෙළා දකින ලද මිනිස්සු නොවෙත් ද? ඉතින් දැන් ඔබ ඔවුන්ට විරුද්ධ ව ගොස් සටන් කරන්නැ”යි කීවේ ය.
එහෙත්, සමහර දුර්ජනයන් කතා කොට, “මේ මිනිහා අප ගළවන්නේ කොහොම දැ”යි සාවුල් සුළු කොට සිතා ඔහුට කිසි තෑග්ගක් ගෙනාවේ නැත.