ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 10:8 - Sinhala New Revised Version 2018

පැණවතා අණපනත් පිළිගනියි; නන්දොඩන මෝඩයා වැනසී යයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පැණවතා අණපණත් පිළිගනියි; නන්දොඩන මෝඩයා වැනසී යයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ප්‍රඥාවත් සිතක් ඇත්තා ආඥා පිළිගනියි; එහෙත් දොඩවන මෝඩයා හෙළාදමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 10:8
15 හුවමාරු යොමු  

මට මනා අවබෝධය දුන මැනව. එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි.


හිතෝපදේශ හා උපහැරණ ද


වපර ඇසින් වරද දෙස බලන්නා කරදර උපදවයි; එහෙත් නිර්භය විවේචනය කරන්නා සාමය ගෙන දෙයි.


නැණවත්හු දැනුම රැස් කරගනිති; එහෙත් මෝඩයන්ගේ කතාව විනාශය ළං කරගනියි.


අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි; එහෙත් තරවටුව නොඉවසන්නා මෝඩයෙකි.


දුෂ්ටයාගේ මුසා බස් ඔහුට ම මලපතක් වෙයි; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් ජය ගනියි.


දිව රැකගන්නා දිවි රැකගනියි; දොඩමළුවා විනාශයට පැමිණෙයි.


වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ; කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ.


නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති; අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.


ගරහන්නෙකුට කිසිදාක අවවාද නොකරන්න; අවවාද කළොත්, ඔහු ඔබට සතුරෙක් වනු ඇත. නුවණැත්තෙකුට අවවාද කරන්න, ඔහු ඔබට මිතුරෙකු වනු ඇත.


බුද්ධිමතෙකුට අනුශාසනා කරන්න, ඔහු තවත් බුද්ධිමත් වෙයි. දැහැමියෙකුට උගන්වන්න, ඔහුගේ දැනුම තවත් දියුණු වෙයි.


ප්‍රඥාවන්තයාගේ මුවින් නික්මෙන වචන ඔහුට ගෞරවය දෙයි; අඥානයාගේ වචන ඔහුට විනාශය ගෙනෙයි.


ඔබ අතර පැණවත් නැණවත් යමෙක් සිටී ද? එසේ නම් ඔහු තමාගේ සදාචාරයෙන් ද ප්‍රඥාවෙන් ඇති වන විනීත ක්‍රියාවලින් ද එය ප්‍රකාශ කෙරේ වා.