සිය ධන සම්පත් කෙරේ විශ්වාසය තැබූ, සිය වස්තු සම්භාරය නිසා අහංකාර වූ අය මා අවටින් සිටින විට, මම කිසිසේත් බිය නොවන්නෙමි.
හිතෝපදේශ 10:15 - Sinhala New Revised Version 2018 ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි; දිළින්දාගේ දිළිඳුකම ඔහුට විනාශයකි. Sinhala New Revised Version ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි; දිළින්දාගේ දිළිඳුකම ඔහුට විනාශයකි. Sinhala Revised Old Version ධනවතාගේ සම්පත ඔහුගේ බලකොටුවය; දුප්පතුන්ගේ විනාශය ඔවුන්ගේ දිළිඳුකමය. |
සිය ධන සම්පත් කෙරේ විශ්වාසය තැබූ, සිය වස්තු සම්භාරය නිසා අහංකාර වූ අය මා අවටින් සිටින විට, මම කිසිසේත් බිය නොවන්නෙමි.
“දෙවි තුමන් සරණ කොට නොගන්න මිනිසා මොහු ය; තම සම්පත කෙරෙහි විශ්වාසය තබමින් දුෂ්ටකම සරණ කොටගත් තැනැත්තා මොහු ය.”
දිළිඳාගේ සියලු සොහොයුරෝ ඔහු අප්‍රිය කරති, එසේ නම්, ඔහුගේ මිතුරෝ ඊටත් වැඩියෙන් ඔහුගෙන් දුරු නොවෙද් ද? ඔහු ඔවුන් පස්සේ දුවතත් ඔවුන්ට ළං විය නොහැකි ය.
ධනසම්පතින් ඇති වන ආරක්ෂාව හා සම ආරක්ෂාවක් ප්‍රඥාවෙන් ලැබෙනු ඇත. ප්‍රඥාව ඔබේ ජීවිතය සුරක්ෂිත ව තබයි. දැනුමෙන් ඇති වන වාසිය එය වේ.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැණවතා තමාගේ නුවණ ගැන වත්, බලවතා තමාගේ බලය ගැන වත්, ධනවතා තමාගේ ධනය ගැන වත් පාරට්ටු කර නොගනී වා!
ශ්‍රාවකයෝ ද ඒ අසා විස්මයට පත්වූ හ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළ සේක; “දරුවෙනි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර ද?
‘අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙහි රැස් කොට තිබේ. විවේක සුවයෙන් කා බී ප්‍රීති වන්නැ’යි මට ම කියාගනිමි.
උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න.