ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 1:33 - Sinhala New Revised Version 2018

එහෙත් මට සවන් දෙන තැනැත්තේ සුරැකි ව, විපතට නොබා, යෙහෙන් වසනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් මට සවන් දෙන තැනැත්තේ සුරැකි ව, විපතට නොබා, යෙහෙන් වසනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භයනොවී, නිශ්චලව සිටින්නේය.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 1:33
22 හුවමාරු යොමු  

ඔවුන් කීකරු වී එතුමාණන්ට මෙහෙ කළොත්, ඔව්හු දිවි ඇති තාක් යස ඉසුරෙන්, සව් සැපතින් දවස් යවති.


මාගේ සෙනඟ මට සවන් දෙන්නෝ නම්, ඉශ්රායෙල්වරු මා අනුව එන්නෝ නම්, කොතරම් යහපත් ද?


දැහැමි අයට කිසිදු අනතුරක් සිදු නොවේ ම ය; දුෂ්ටයන්ට සතර දිගින් විපත ගලා එයි.


දේව ගරුබිය ඇත්තා හට ආත්ම විශ්වාසය ඇත; ඔහුගේ දූ දරුවන්ට ආරක්ෂාව ද ඇත.


ප්‍රඥා වරමින් ඔබේ කාලය දික් වී, ඔබ දිගායු වළඳනු ඇත.


පව්කාරයෙකු සිය වරක් නපුර කර බොහෝ කල් ජීවත් වුවත්, දෙවියන් වහන්සේට ගරුබිය පාන අයට එනම්, උන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය පාන අයට යහපත සිදුවන බව මම සැබැවින් ම දනිමි.


තිරසර අරමුණු ඇති ව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ම සමිඳුනි, ඔබ සදා ශාන්තිය දෙන සේක.


සියලු දෙනා ම හරි දේ කරන බැවින් සාමයත්, ආරක්ෂාවත්, සදහට ම පවතින්නේ ය.


නුඹලා මාගේ ආඥාවලට සවන් දුන්නහු නම්, මාගේ ආශීර්වාද නොසිඳී ගලන ගඟක් සේ නුඹලා කරා ගලා එන්නේ ය. මුහුදේ රළ පතර මෙන් දැහැමිකම නුඹලා වෙත පැමිණෙන්නේ ය.


“මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.


“නුඹලා මාගේ නීති සහ විනිශ්චයයන් පිළිපදිමින් ඒවා ඉටු කරන්න. එවිට නුඹලා දේශයේ සුරැකි ව වසනු ඇත.


දේශය ද පලදාව උපදවන විට නුඹලාට කන්නට උවමනා සෑම දේ දෙන්නේ ය. නුඹලා එහි සුරැකි ව වසන්නහු ය.


ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.


ස්ථීර ව සිටීමෙ‍න් ඔබ ජීවනය දිනා ගන්නහු ය.”


යුද්ධ සහ විප්ලව ගැන ආරංචි වන විට, භයින් ත්‍රස්ත නොවන්න; මන්ද, මේ දේවල් පළමුකොට සිදුවිය යුතු ය; එහෙත් අවසානය එකෙණෙහි ම නොපැමිණෙන්නේ ය”යි වදාළ සේක.


දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය.