හිතෝපදේශ 1:32 - Sinhala New Revised Version 2018 අනුවණ දනෝ නැණනුවණට පිටුපා මියයති; අමන දනෝ නොසැලකිලිකමින් වැනසී යති. Sinhala New Revised Version අනුවණ දනෝ නැණනුවණට පිටුපා මියයති; අමන දනෝ නොසැලකිලිකමින් වැනසී යති. Sinhala Revised Old Version මක්නිසාද නුවණ නැත්තෝ තමුන්ගේ පසුබටවීම නිසා මැරුම්කන්නෝය. අඥානයෝ තමුන්ගේ නොසැලකිලිකම නිසා නැතිවන්නෝය. |
“අනුවණයෙනි, ඔබ කොතෙක් කල් අනුවණකමට ප්‍රිය වන්නහු ද? නින්දා කරන්නෙනි, ඔබ කොතෙක් කල් නින්දාවට ප්‍රසන්න වන්නහු ද? අඥානයෙනි, ඔබ කොතෙක් කල් දැනගැන්මට ගරහන්නහු ද?
ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.
එබැවින් මම ඔවුන්ට නිසි විපත්ති නියම කොට, ඔවුන් බිය වන දේ ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත. මා කතා කළ විට කිසිවෙකු සවන් දුන්නේ නැත. ඔව්හු මා ඇස් හමුයෙහි නපුරු දේ කර, මට අප්‍රසන්න දේ තෝරාගත්හ.”
නුඹේ නපුරුකම නුඹට පඩිසන් දෙයි; මට ද්‍රෝහි වීම නුඹට දොස් පවරයි. නුඹේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අත්හැරදමා යාමත්, මා කෙරෙහි තවත් ගරුබිය නොදැක්වීමත් කොතරම් නපුරු අප්‍රිය දෙයක් දැ යි හොඳින් සලකා බලන්න. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය.”
සියොන්හි සැප පහසුවෙන් කල් යවන, සමාරිය කඳුකරේ තමන් සුරක්ෂිත යයි සිතන, ඉශ්රායෙල් සෙනඟ උදව් පිණිස සොයා යන ප්‍රසිද්ධ ජාතීන්ගේ උත්තමයන් ලෙස සැලකෙන ඔබට වන විපතක මහත!
යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පවති යි.”
එසේ නම් කතා කරන තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නට වග බලා ගන්න. මන්ද, මිහි පිට අනුශාසනා කළ තැනැන් වහන්සේ එපා කළ විට, ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අනුශාසනා කරන තැනැන් වහන්සේ කෙරෙන් අහක් ව ගියොත් අපි කෙසේ ගැළවෙමු ද?
හැම දරුවෙකු ම ලබන දඬුවමට ඔබ පංගුකාරයෝ නොවන්නහු නම්, ඔබ පුත්‍රයන් නොව, අවජාතක දරුවෝ ය,
ඔබ මෙලොව කම් සැප විහරණයෙහි ඇලී ගැලී, මරන්නට තර කරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල් යැවූවහු ය. ඒ දිනය දැන් පැමිණ ඇත.