ජෝසෙප් උත්තර දෙමින්, “සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය.
සෙකරියා 4:6 - Sinhala New Revised Version 2018 එකල දේව දූතයා මට කතා කරමින්, “සෙරුබ්බාබෙල්ට සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය දෙන්නැ”යි කී ය. එය මෙසේ ය: “නුඹට ජය අත් වන්නේ සේනා බලයෙන් වත්, සිය ශක්තියෙන් වත් නොව, මාගේ ආත්මානුභාවයෙන් ය. Sinhala New Revised Version එකල දේව දූතයා මට කතා කරමින්, “සෙරුබ්බාබෙල්ට සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය දෙන්නැ”යි කී ය. එය මෙසේ ය: “නුඹට ජය අත් වන්නේ සේනා බලයෙන් වත්, සිය ශක්තියෙන් වත් නොව, මාගේ ආත්මානුභාවයෙන් ය. Sinhala Revised Old Version එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. |
ජෝසෙප් උත්තර දෙමින්, “සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය.
පොළෝ කම්පාවට පසු ගින්නක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ ගින්නෙහි නොවූ සේක. ගින්නට පසු නිසලතාව තුළින් සියුම් හඬක් විය.
ආසා තම දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “සමිඳුනි, බලසම්පන්න අයට විරුද්ධ ව බලහීන අයට පිහිට වන්න ඔබ හැර අන් කිසිවෙක් නැත්තේ ය. අපේ දෙවි සමිඳුනි, අපට පිහිට වුව මැනව. මන්ද, අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබේ නාමයෙන් මේ සමූහයට විරුද්ධ ව අවුත් සිටිමු. සමිඳුනි, ඔබ අපේ දෙවියන් වහන්සේ ය. ඔබට විරුද්ධ ව මනුෂ්‍යයා ජය නොගනීවා”යි කීවේ ය.
ඔවුන් පැමිණියේ, සෙරුබ්බාබෙල් ද ජේෂුවා ද නෙහෙමියා ද සෙරායා ද රේලායා ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිශ්පාර් ද බිග්වායි ද රෙහුම් ද බානා ද සමඟ ය. ඉශ්රායෙල් ජනයා අතර වූ පිරිමින්ගේ ගණන මෙසේ ය:
ගොඩනඟන අය සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දැමූ කල, ඉශ්රායෙල්හි රජ වූ දාවිත් නියම කළ අන්දමට සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇති ව ද ආසාප්ගේ පුත්‍රයන් වන ලෙවීවරු අත්තල් ඇති ව ද ඉදිරියට ආහ.
එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්හ; ඔවුන් සමඟ දෙවියන් වහන්සේගේ දිවැසිවරු ද ඔවුන්ට උපකාර කරමින් සිටියෝ ය.
චතුරංගනි සේනා බලය නිසා ගැළවුණු රජෙක් නැත; තම වීර වික්‍රමයෙන් ගැළවීම සලසා ගත් රණ ශූරයෙක් නැත.
මිනිස් ලොවෙහි තව දෙයක් මම තේරුම්ගතිමි. ශීඝ්‍ර ධාවකයාට නිතර ම දිනුම නොලැබේ. යුද බිමෙහි විකුම් පාන අයට නිතර ම ජය නොලැබේ. ප්‍රඥාවන්තයාට නිතර ම තම ජීවිකාව කරගත නොහැකි ය. බුද්ධිමත් අය නිතර ම ධනවත් අය නොවෙති. දක්ෂ විචක්ෂණ අය නිතර ම ඉහළ තනතුරු නොලබති. ඔය කාටත් අවසානය එළඹිය හැකි ය.
සමිඳාණෝ මෙසේ වදාළ සේක: “ජුදා දේශය පාලනය කරන අය මට විරුද්ධ ව කැරලි ගසන බැවින් ඔවුන්ට වන විපතක මහත! ඔව්හු පව් පිට පව් කරමින් මා නොකළ සැලසුම අනුගමනය කරති. මාගේ කැමැත්තට විරුද්ධ ව ගිවිසුම්වලට අත්සන් කරති.
එහෙත්, දෙවිඳාණෝ සිය ආත්මානුභාවය අප වෙත නැවත වරක් එවන සේක; එවිට පාළු ඉඩම් සාරවත් වන්නේ ය. සාරවත් ඉඩම් පාළු වන්නේ ය.
සමිඳුන්ගේ පොත කියවා බලන්න; එහි සඳහන් වී ඇති සතුන්ගෙන් එකෙක් වත් මෙහි අඩු නොවන්නේ ය. හැම එකෙකුට ම ගෑණු සතෙක් ද වන්නේ ය. එය නියම කළේ සමිඳාණෝ ම ය. සමිඳාණෝ ම ඔවුන් එක් රැස් කරන සේක.
එවිට නැගෙනහිර සිට බස්නාහිර දක්වා සියලු දෙන එතුමන්ගේ නමටත් බිය වන්නෝ ය. එතුමන්ගේ තේජාලංකාරය දකින්නෝ ය; එතුමාණෝ තද සුළඟක් මෙන් නැඟී වේගයෙන් ගලා යන දිය පාරක් මෙන් වඩින සේක.
එහෙත්, මම ජුදා වංශයට අනුකම්පා කරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ඔවුන් ගළවන්නෙමි. එසේ කරන්නේ දුන්නෙන් වත්, කඩුවෙන් වත්, යුද්ධයෙන් වත්, අශ්වයන්ගෙන් හෝ අසරුවන්ගෙන් වත් නොවේ ය”යි වදාළ සේක.
දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ හය වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් ෂෙයල්තියෙල්ගේ පුත් ජුදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් වෙතටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා වෙතටත් එවූ පණිවුඩය මෙය වේ.
‘සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි ඔහුට කියන්න. ‘පැළෑටිය’ කියා නම් කරන ලද තැනැත්තා මොහු ය. ඔහු මේ ස්ථානයේ වර්ධනය වී සමිඳාණන් වහන්සේගේ මාලිගාව නැවත ගොඩනඟන්නේ ය.
“එසේ නම්, සව් සතට ජීවය දෙන දෙවි සමිඳාණන් වහන්සේ සෙනඟ පාලනය කිරීමට කෙනෙකු පත් කරන සේක් වා!
තවද, ඔවුන් ඒ සේවය කළේ තමන් උදෙසා ම නොව, ඔබ උදෙසා බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේ ය. මේ දේවල් ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබට සුබ අස්න දේශනා කළ තැනැත්තන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරවන ලදී. දේව දූතයෝ පවා මේවා බලා දැනගන්නට ආශා වෙති.
ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.
ජය ගැනීමට සමිඳාණන් වහන්සේට කඩුවක් වත්, හෙල්ලයක් වත් වුවමනා නැති බව මුළු සමූහයා දැනගනු ඇත. සටන සමිඳාණන් වහන්සේගේ ය; උන් වහන්සේ ද ඔබ අප අතට පාවා දෙන සේකැ”යි පිලිස්තියයාට කී ය.