දාවිත් බහුරීම් නගරයට පැමිණි කල, සාවුල්ගේ කුල පරම්පරාවට අයිති වූ ගේරාගේ පුත් ෂිමෙයි නම් මිනිසෙක් එතැනින් පිටත් වී, දෙස් කිය කියා යමින්,
සෙකරියා 12:13 - Sinhala New Revised Version 2018 ලෙවීගේ පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද, ෂිමෙයි පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද Sinhala New Revised Version ලෙවීගේ පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද, ෂිමෙයි පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද Sinhala Revised Old Version ලෙවීගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, ෂිමෙයි පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, |
දාවිත් බහුරීම් නගරයට පැමිණි කල, සාවුල්ගේ කුල පරම්පරාවට අයිති වූ ගේරාගේ පුත් ෂිමෙයි නම් මිනිසෙක් එතැනින් පිටත් වී, දෙස් කිය කියා යමින්,
එහෙත්, ශාදොක් පූජකවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද දිවැසිවර නාතාන් ද ෂිමෙයි සහ රේයි යන අය ද දාවිත්ගේ ආරක්ෂක පිරිස ද අදොනියා සමඟ නො වූ හ.
ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ජහත්, ශීනා, ජෙවුෂ් සහ බෙරියා ය. මේ හතර දෙන ෂිමෙයිගේ පුත්‍රයෝ ය.
පෙදායාගේ පුත්‍රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයි ය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියා ය; ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය.
ෂිමෙයිට පුත්‍රයෝ දහසයදෙනෙක් ද, දූවරු හයදෙනෙක් ද සිටියෝ ය. එහෙත්, ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝ ය. ඔවුන්ගේ මුළු වංශය ජුදා පුත්‍රයන් මෙන් වැඩි නො වී ය.
හේමන්ගේ පුත්‍රයන්ගෙන් ජෙහුවෙල් ද ෂිමෙයි ද ජෙදුතුන්ගේ පුත්‍රයන්ගෙන් ෂෙමායා ද උශ්ශියෙල් ද යන ලෙවීවරු නැඟිට,
දේශයෙහි එක එක ගෝත්‍ර වෙන් වෙන් වශයෙන් වැලපෙනු ඇත. දාවිත්ගේ පෙළපතින් පැවත එන පුරුෂයෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය. නාතාන්ගේ ගෝත්‍රයෙන් පැවත එන පුරුෂයෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය.
පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. තම පිය පෙළපත් අනුව ලෙවීවරුන්ගේ පවුල් මේවා ය.