ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 8:23 - Sinhala New Revised Version 2018

ඔවුන් යාත්‍රා කරද්දී උන් වහන්සේ නිදාගත් සේක. එකල චණ්ඩ මාරුතයක් නැඟී විල මත හැමී ය; ඔරුවට වතුර පිරෙත් ම ඔව්හු මහ අනතුරකට පත් ව සිටියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන් යාත්‍රා කරද්දී උන් වහන්සේ නිදාගත් සේක. එකල චණ්ඩ මාරුතයක් නැඟී විල මත හැමී ය; ඔරුවට වතුර පිරෙත් ම ඔව්හු මහ අනතුරකට පත් ව සිටියහ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔවුන් යාත්‍රා කරද්දී උන්වහන්සේ නිදන්නට වන් සේක. විල හරහා සැඩ කුණාටුවක් හැමූයෙන්, ඔරුව තුළට දිය පිරී එය ගිලෙන තරමට රැළි නැංගේ ය. තත්වය අනතුරුදායක විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන් යාත්‍රාකරද්දී උන්වහන්සේ නිදාගත්සේක. එකල මහත් කුණාටු හුළඟක් විලට පහත්වී ඒ පිට හැමුවේය; ඔරුවට වතුර පිරෙමින් ඔව්හු අන්තරායට පැමින්නෝය.

පරිච්ඡේදය බලන්න



ලූක් 8:23
13 හුවමාරු යොමු  

ගිනි හා ගල් වැහි වලාවෙනි, හිම හා වාෂ්පයෙනි, එතුමාණන්ගේ අණ ඉටු කරන මාරුතයෙනි, පොළොවේ සිට සමිඳුන් පසසන්න.


සමිඳුනි, පිබිදුණ මැනව! ඔබ නිදා ඉන්නේ මන් ද? නැඟුටුණු මැනව; සදහට ම අප ඉවත නොදැමුව මැනව.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “අහෝ අසරණ කුණාටුවකින් මෙන් කැළඹී සිටින සැනසිල්ලක් නැති තැනැත්තියක වැනි ජෙරුසලම! මම නුඹේ ගඩොල් මරකතවලින් සාදා, නුඹේ අත්තිවාරම් නිල් මාණික්‍යවලින් ඉදි කරන්නෙමි.


දිනක් උන් වහන්සේ ගෙන්නෙසරෙත් විල අසල සිටිය දී, සමූහයා දෙවියන් වහන්සේගේ දහම් පණිවුඩය අසනු පිණිස උන් වහන්සේ වටා තෙරපි තෙරපී සිටි කල,


එක් දිනක් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී, “අපි එගොඩට යමු”යි ඔවුන්ට වදාළ සේක. එවිට ඔව්හු ඔරුව දියත් කළහ.


අපි ආසියාවේ මුහුදුබඩ වරායවලට යාත්‍රා කරන්නට සූදානම් ව තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැඟී පිටත් වුණෙමු. තෙසලෝනිකයේ මසිදෝනි වැසියෙක් වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේ ය.


එසේ නම් අපත් මොහොතින් මොහොත අන්තරායවලට මුහුණ පාන්නේ කුමට ද?


මන්ද, අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින් ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි.